Advertisement

ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහොමඩ් සහරාන්ගේ බිරිය වන අබ්දුල් කාදර් ෆාතිමා කාදියා නමැත්තිය ඊයේ (15දා) කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ පාපෝච්චාරණයක් කරනු ලැබුවාය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ මහෙස්ත්‍රාත් නිලමැදිරියේදී රහස් ප්‍රකාශයක් ලෙසින් මෙම පාපෝච්චාරණය සිදු කළ අතර පැයකට අධික කාලයක් එකී පාපෝච්චාරණය කිරීම කරනු ලැබිණි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමඟ සබඳකම් පැවැත්වූ බව කියන තමිල්නාඩුවේ වනද්කේ ඉස්ලාම් හින්දි සංවිධානයේ ප‍්‍රධානී සයිද් බුනාර් ඇතුළු තිදෙනකු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික තව්හිද් ජමාද් ත්‍රස්‌ත සංවිධානයේ නායකයාව සිටි මොහොමඩ් සහරාන් යටතේ අවි ආයුධ පුහුණුව ලැබූ බව කියන එම සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය සහ නාවික හමුදා බුද්ධි අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඊයේ (12 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. මොහොමඩ් තාජුඩීන් අෂීබ් අහමඩ් නමැති 20 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ සැඟවී සිටියදීය.

මෙම සැකකරු මොහොමඩ් සහරාන් යටතේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි බ්ලැක්‌ පූල් ත්‍රස්‌තවාදී පුහුණු කඳවුරකදී අවි ආයුධ පුහුණුව ලබා ඇති අතර ත්‍රස්‌තවාදී දේශනවලට ද දීර්ඝ කාලීනව සහභාගි වූ පුද්ගලයකු බව අනාවරණය වී ඇත.

කාත්තනකුඩියේ නගරාධිපතිවරයා වු ෂාවුල් හමීඩ් මොහමඩ් අෂ්පර් මහතා යුද හමුදාවේ සේවය කරමින් රට රැකගන්නට අභීත මෙහයක්‌ කළ අයෙක්‌. 2007 වසරේදී කාත්තන්කුඩිය උප නගරාධිපතිය. 2012 සහ 2018 දි නගරාධිපතිවන්නේ ඔහුයි. සහරාන් පිළිබඳව අභීතව හඬ නගමින් ආරක්‌ෂක අංශ සහ බුද්ධි අංශවලට සහරාන් පිළිබඳව සියලු තොරතුරු ලබා දෙමින් ඔහු මෙම පාස්‌කු ඉරිදා ප්‍රහාරයට පෙර සහරාන් අත්අඩංගුවට ගැනීමට ප්‍රබල උත්සාහයක්‌ ගැනීමට සිදුවුණා. අවසානයේදී බුද්ධි අංශ සහරාන්ගේ ප්‍රහාරයන් පිළිබඳව අනතුරු හඟවා තිබුණද බළධාරීන් සිටියේ සහජීවනයෙන් මත්ව නිසා ඔවුනට මෙම අනතුර නොපෙනී ගියා.
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නුවරඑළිය කඳවුරේ පුහුණුව ලබා ඇතැයි සැළකෙන පුද්ගලයෙකු ඊයේ(04) රටින් පිටව යාමට තැත් කිරීමේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සුනිත් ප‍්‍රතිපත්තිය අනුගමනය කරන ඉස්ලාම් ජනතාව උදෙසා ආගම දේශනා කරනවා. මේ අන්තවාදී ප‍්‍රහාරය සම්බන්ධ ඉතිහාසය මා පවසන්නම්. සුනිත් පල්ලිය සාමාජික මුස්ලිම්වරුන්ගේ කටයුතු සිදු කරනවා. කෝපය, වංචාව සහ ගතිගුණවලින් තොරව පිරිසිදු මිනිසුන් ලෙස ජීවත් වීම අවධාරණය කරනවා.

සහරාන් ආරම්භයේදී කාත්තන්කුඩිය අරාබි විද්‍යායේ ඉස්ලාමිය ඉගෙනුම් කළා. පසුව 2005 දී අර්බුදයක් ඇති වී ඉවත් වුණා. ඉන්පසු කුරුණෑගල අරාබි විද්‍යායේ අධ්‍යාපනය කළා. ඒ මස්කූර් නමැති මද්‍රසා පාසලේ.

මොහු යහළුවන් කීප දෙනකු සමඟ දරුල් අදර් අදාවියා නමැති අන්තවාදී සංවිධානය ආරම්භ කළා. 2009 හෝ 2010 දී ඔවුන් ජපානයට ගිහින් යළි පැමිණ ඒ සංවිධානය සමගින් ගැටුම් ඇති වී ඉවත් වුණා. 2011 දී ජාතික තව්හිද් ජමාත් සංවිධානය ආරම්භ කළා. 2015 දී ජාතික තව්හිද් ජමාත් සංවිධානය කාත්තන්කුඩි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා සංවිධානයක් ලෙස ලියාපදිංචි කරනවා. කුඩා පැල්පතක් ලෙස තිබූ කාර්යාලය දැන් විශාල 

ගොඩනැඟිල්ලක් බවට පත්ව තිබෙනවා. ඔහු අපගේ ආගමික කටයුතු සුනි ප‍්‍රතිපත්ති අවමන් කරමින් අප ඉස්ලාම්වරුන් නොවේ යැයි කියමින් ප‍්‍රචාරයක නිරත වුණා.මේ කාලයේදී තව්හිද් නමැති මාසික සඟරාවක් ඔහු නිකුත් කළා.

අපි අපේ පල්ලිවල ජාති භේද නැතිව අවුරුද්දකට දාන පහළොවක් විතර ලබා දෙනවා. මේ දානය ඌරු මස් කෑමට සමාන බව යැයි කියමින් සහරාන් ප‍්‍රචාරය ගෙන ගියා.

මේ ගැන කාත්තන්කුඩි පොලිසියට පැමිණිලි එකොළහක් පමණ ගොනු කළා. මඩකලපුව මහෙස්ත‍්‍රාත් උසාවියේ නඩු ගොනු කළා. ඒත් ඔහු සුනි මුස්ලිම්වරුන්ට එරෙහි ප‍්‍රචාරය නතර කළේ නෑ.

නැගෙනහිර අණදෙන නිලධාරිවරයාටත් අපි 2015 දී පැමිණිලි කළා. මේජර් ජෙනරාල් ලාල් පෙරේරාට. ඔවුන් සහරාන්ව කැඳවා මෙවැනි ප‍්‍රශ්න ඇති නොකරන ලෙස අවවාද කළා. සහරාන් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නෑ.

2015 මහ මැතිවරණයේදී කාත්තන්කුඩි අපේක්ෂකයන්ට බලපෑම් කර ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුමේ අන්තවාදී දේ සඳහන් කළා.

සරත් ෆොන්සේකා මහතා - 2015 ජනාධිපතිවරණයේදී ඔහු මොනවද කළේ.

සාක්ෂිකරු - ඔහු එහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයට විරුද්ධවයි කටයුතු කළේ. මහින්ද රාජපක්ෂ මහතා සහ මෛති‍්‍රපාල සිරිසේන මහතායි තරග කළේ. සුනි සාමාජිකයන් දස දහසක් පමණ කාත්තන්කුඩි ජීවත් වෙනවා.

මේ ගිවිසුම අන්තවාදී ගිවිසුමක්. අප මේ ගිවිසුමට විරුද්ධ වුණා. අපට අවමන් කළා. නත්තල් උළෙල සැමරීමට විරුද්ධවත් කතෝලිකයන්ට එරෙහිව සහරාන් කතා කර තිබුණා. ඒ 2016 දෙසැම්බර් මාසෙට කලින්. ඒ සඳහා ඔහු සී. ඞී. පට නිකුත් කර තිබුණා. රටට ආදරය කිරීම ඉස්ලාම් දහමට අදාළ නැති බව සහරාන් කියා තිබෙනවා. ඔහු අයි. එස්. අයි. එස්. සංවිධානය ගැන තමයි කියන්නේ. ලංකාවේ ජාතික කොඩිය එසවීම ඉස්ලාම් රාජ්‍යයට පටහැනි බව ඔහු ප‍්‍රකාශ තුනක් කර තිබෙනවා. ඒ සී. ඞී. පටය අසන්න. ලංකාවේ ඉස්ලාමිය කොඩිය ලෙල දෙන්න ඕනේ. ලංකාව මුස්ලිම්වරුන් විසින් අල්ලාගත යුතුයි කියමින් රටට විරුද්ධව ඔහු කතා කළා. අනෙක් ආගම්වල අය මරන්න ඕනෑ කියා සහරාන් පැවසුවා. ඒ පිළිබඳ ලිපියක් 2017 වසරේ සකස් කර ජනාධිපතිතුමාගේ කාර්යාලයට භාරදුන්නා. එවක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂාව භාර ඇමැති සාගල රත්නායක, අගමැතිවරයාගේ කාර්යාලයට, රුවන් විජයවර්ධන මහතාට දැනුම් දුන්නා. පොලිස්පතිතුමාගේ කාර්යාලයට මෙම පැමිණිල්ල මුස්ලිම් නොවන අය මරා දැමිය යුතුයි කියමින් සහරාන්ගේ ප‍්‍රචාරයන් හා ප‍්‍රශ්න රැුසක් විය හැකි බවට සහරාන්ගේ දේශන සහිත සී. ඞී. පට තුනක් සමඟ භාර දුන්නා. 

අපට අගමැති කාර්යාලයෙන් ලිපියක් ලැබුණ අගමැතිතුමාගේ අවධානයට යොමු කළා කියා. අපි නීතිපතිතුමාටත් පැමිණිලි කළා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට උත්තරයක් ලැබුණා. අපි වැඩ කළේ මුස්ලිම්වරුන් පමණක් රැුක ගන්න නොවේ අපේ රට රැුක ගන්නයි පැමිණිලි කළේ. ඒත් අපට තර්ජන ආවා.

එහිදි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකයන් සහ සූෆි මුස්ලිම් සංවිධානයේ මොහොමදු සහ්ලාන් මව්ලවි අතර අතර ඇති වු සංවාධය පහත පරිද වේ,

''ප්‍රශ්නය - 
(සරත් ෆොන්සේකා) 
ඔහු ජනාධිපතිවරණයේදී කොහොමද වැඩ කළේ? 

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)

ඔහු වැඩ කළේ මහින්ද රාජපක්ෂට විරුද්ධවයි.

ප්‍රශ්නය - 
(එම්.ඒ. සුමන්තිරන්)
සහරාන් සමඟ ගිවිසුම් ගැහුවේ කවුද ?

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)

ෂාෆි සාලි, ෂිබ්ලි ෆාරුක්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ඒ.එල්.එම්. රූබී, අබ්දුර් රහුමාන්, මේක සුෆිවරුන්ට විරුද්ධ ගිවිසුමක්. 2016දී ඔහු කතෝලික ජනතාවට විරුද්ධව කතා කළා. නත්තල් උත්සවයට විරුද්ධව කතා කළා. 

ප්‍රශ්නය - 
(සරත් ෆොන්සේකා)
බෞද්ධ අයට විරුද්ධව කතා කළේ නැද්ද?

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
මම ඒ ගැන දන්නේ නැහැ. 2016 සහ 2017 වර්ෂ වලදී ඔහු රැස්වීම් 3ක් පවත්වලා ලංකාවට එරෙහිව කතා කළා. මුස්ලිම් නොවන අය මරන්න ඕන කියලත් කිව්වා.2016ට කලින් ඔහු එහෙම කතා කළේ නැහැ. 2016 දෙසාම්බර් මාසයේ තමයි ඔහු මේ විදිහට කතා කළේ. ඒ රැස්වීම තිබ්බේ හිස්බුල්ලා සංස්කෘත මධ්‍යස්ථානයේ. 

ප්‍රශ්නය - 
(සරත් ෆොන්සේකා)
ඒ ප්‍රකාශය ගැන ඔබලා පැමිණිලි කළාද?

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
ඔව් පැමිණිළි කළා. සහරාන් කිව්වා, මව් රටට ආදරය කරන කෙනෙක් මුස්ලිම් වෙන්න බැහැ. ජාතික කොඩිය එසවීම ඉස්ලාමීය රාජ්‍යට බාධාවක්. ලංකාවේ ඉස්ලාමීය ධඡය ඔසවන්න ඕන. ලංකාව මුස්ලිම්ලා අත්පත් කරගන්න ඕන. අපි මේ ගැන ලිපියක් මගින් ජනාධිපති කාර්යාලයටත් අගමැති කාර්යාලයටත්, විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාටත් , රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාටත්, සාගල රත්නායක අමාත්‍යවරයාටත් පැමිණිළි කළා. විඩීයෝ ඉදිරිපත් කළා. ඩී අයි ජී නාලක සිල්වාටත් පැමිණිලි කළා. 

ප්‍රශ්නය - 
(සරත් ෆොන්සේකා)
සහරාන්ගේ ඒ කතාවලින් පසු කවුරුන් හෝ ඊට එරෙහිව පියවර ගත්තද ?

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
නැහැ, කවුරුත් පියවර ගත්තේ නැහැ. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිපියක් ආවා එය අග්‍රාමාත්‍යවරයාට යොමු කරනවා කියලා. ඒවගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිපියක් ආවා මෙයට අවශ්‍ය පියවර ගන්නවා කියලා. සහරාන්ලා තවුහිද් ජමාත් සාමාජිකයින් මම සුෆි මුස්ලිම්වරයෙක්. අපිට ලොකු හිරිහැර සිදුවුණා. 

(හඬා වැටෙයි)

ප්‍රශ්නය - 
( ආශු මාරසිංහ)
කාත්තන්කුඩියේ වහාබ් වාදය අනුගමනය කරන පල්ලි කීයක් තිබෙනවද? 

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
හරියටම කියන්න බැහැ. 10ක් 15ක්. අන්තවාදය තියෙනවා නම් එතන ත්‍රස්තවාදයට ඉඩක් තිබෙනවා. වහාබ් කියන්නේ අන්තවාදී ස්ථාවරයක්. 

ප්‍රශ්නය - 
( සුමන්තිරන්)
අනෙකුත් මිනිසුන් මරන්න ඕන කියන වහාබ්වාදීන් තවත් ඉන්නවද?

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
මම හිතන්නේ සහරාන්,නියාස් වගේ අය තමයි එහෙම කිව්වේ.

ප්‍රශ්නය - 
( ආශු මාරසිංහ)
සහරාන් මැරුණට පස්සේ සුෆි අයට තිබුණු තර්ජනය අඩු වෙලා තියෙනවද? 

පිළිතුර - 
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
ඔව්.. දැන් නිහඬියාවක් තියෙනවා. නමුත් ඒ කල්ලියේ අය තවත් හැංගිලා ඉන්න පුළුවන්. සියලු පල්ලි අන්තවාදය ගෙන යන්නේ නැහැ. නමුත් සමහර පල්ලිවල දැඩි මතයට ඉඩක් තියෙනවා. ඒක අනාගතයේදී තර්ජනයක් වෙන්න පුළුවන්. "
ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ පාස්කු ප‍්‍රහාරයෙන් පසු ඔහුගේ ඉන්දීය සගයා වූ මොහොමඞ් අසරුදින් ප‍්‍රමුඛ අයිසිස් ක‍්‍රියාකාරීන් තුන්දෙනකු තමිල්නඩුවේ සහ කේරලයේ සිදුකිරීමට සැලසුම් කළ ත‍්‍රස්ත ප‍්‍රහාර ඉන්දීය රහස් ඔත්තු සේවා කාර්යාලය විසින් ව්‍යර්ථ කර ඇත.
මාවනැල්ල සහ අවට පෙදෙස්වල බුදුපිළිමවලට හානි කීරීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා නීතිඥවරුන්ට ගෙවීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් ජාතීක නව්හීද් ජමාන් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් සැකකාර රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිමි නමැති මවුලවිවරයාට ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතාට පසුුුුගියදා  (13) දැනුම් දුන්නේය.

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සම්පූර්ණ මෙහෙයවීම මොහොමඩ් සහරාන් විසින් සිදුකර ඇති බවත්,

''උඹලා ගහලා මා ළගට වරෙල්ලා'' යනුවෙන් ඔහු සැකකරුවන්ට පවසා ඇති බවත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වූ බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.
පාස්කු දින ප්‍රහාරයට කලින් සහරාන්ගේ කල්ලියේ පළමු වෙඩි උණ්ඩයට ගොදුරු වූ මාවනැල්ලේ දනාගම පදිංචි 37 හැවිරිදි මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම් මේ වනවිට සුව අතට පත් වෙමින් සිටින අතර ඔහුගේ අලුත්ම තත්ත්වය සොයා බැලීමට ඔහුගේ නිවෙසට අපි පසුගියදා ගොඩවීමු.

ආගමික මතවාදයක් මුල් කරගනිමින් ඉස්ලාමීය ජනතාව අතරින් බිහි වූ අන්තවාදීන් මුලින්ම කළේ මාවනැල්ල අවට බුදුපිළිමවලට හානි කිරීමයි. එහිදී ජාතීන් අතර ඇතිවීමට ගිය අසමඟිය මැඬපවත්වන්නටත් මේ ගැටලුවේ වැරදිකරුවන් කවුද යන්න සොයා ගෙන ඊට සම්බන්ධ බොහෝ පිරිසක් ඉතා කෙටි කාලයකදී අත්අඩංගුවට ගන්නටත් තස්ලීම් මහා විශාල කැප කිරීමක් කරන ලද මුස්ලිම් සමාජයෙන් පෙරට පැමිණි පළමු වීරයා ලෙස හැඳින්වීම වරදක් නොවේ.
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගොස් ඇති බව DNA පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

පාස්කු ඉරිදා දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සිදුකළ මරාගෙන මැරෙන පිපිරීම් සිදුකල එක් අයෙකු සහරාන් හෂීම් ලෙස සැකකළ අතර ඒ බව නිස්චිතව තහවුරු කර ගැනීමට සහරාන්ගේ බිරිඳගේ, දියණියගේ සහ සහෝදරියකගේ DNA සටහන් සමඟ සන්සන්ධනය කර බැලීමට අධිකරණය නියෝග කර තිබිණි.

ඒ අනුව අදාල පරීක්ෂණය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහා සිදුකළ අතර එහි වාර්තාව අද(21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් වාර්තා වන්නේ අදාල DNA සටහන් වාර්තා අනුව මියගොස් ඇති පුද්ගලයා සහරාන් හෂීම් බවය.
සහරාන්ගේ කල්ලියේ කල්මුණේ නායකයා ලෙස කටයුතු කළ කල්මුනේ සියාම් නමැත්තා සමගින් සහරාන්ගේ ගෝලයින් පස් දෙනකු රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර නිලධාරීන් විසින් ඊයේ (20 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම කල්මුණේ සියාම් 19 වැනිදා අත්අඩංගුවට ගෙන රාජ්‍ය බුද්ධි නිලධාරීන් විසින් විමර්ශනය කරන ලදී. ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණුු තොරතුරු මත ඊයේ පාලමුනේ ප‍්‍රදේශයේ ළි`දකට දමා තිබූ සීඞී පට 31 ක් ද සොයා ගන්නට පොලිසියට හා අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන්ට හැකි වූහ.
ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය පවත්වාගෙන යෑම සඳහා සියලූ මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇත්තේ ෂැංගි‍්‍රලා හෝටලයේදී බෝම්බ පුපුරුවා ගෙන සියදිවි හානි කරගත් ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන මොහොමඞ් ඊබ‍්‍රාහිම් ඉන්සාෆ් අහමඞ් විසින් බව පොලිස් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

මහා පරිමාණ කුළුබඩු ව්‍යාපාරයෙන් සහ තඹ කර්මාන්ත ශාලාවෙන් ඉපයූ රුපියල් බිලියන ගණනක මුදලක් ඉන්සාෆ් අහමඞ් මෙම ත‍්‍රස්ත සංවිධානය දියුණු කිරීම සඳහා යොදවා ඇති බව බුද්ධි අංශ පවසයි.
සහරාන් හෂීම්ගේ බිරිය සාදියාගෙන් හා දරුවාගෙන් මේ වනවිට සිදු කරන ප්‍රශ්න කිරීම් අනුව බෝම්බ සිද්ධියට අදාළව තවත් වැදගත් කරුණු රැසක් අනාවරණය වී තිබේ.

පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට සහරාන් මිය නොගිය බවට හා මියගිය බවට පැවති විවිධ සැකකිරීම් ගැන විමසීමේදී සාදියාගේ ප්‍රකාශ අනුව තහවුරුව ඇත්තේ සහරාන් සැබැවින්ම මියගිය බවයි.

ඔහු ආගම වෙනුවෙන් මියයාම 'ජිහාඩ්' වෙනවා ලෙස හඳුන්වා තිබූ අතර තමා මෙම ප්‍රහාරයෙන් මියයනු ඇති බවත් එය ඔහු කිව්වේ මං ජිහාඩ් වෙන්න යන්නේ ලෙසින් බවත් ඉන්පසු තමා වෙනුවෙන් මුස්ලිම් චාරිත්‍ර අනුව බිරියක ලෙස මාස 4 ක 'ඉක්තා' ශෝක කාලයක් සමරන ලෙසත් සහරාන් තමන්ට දැන්වූ බව සාදියා ප්‍රකාශ කර ඇත.

අවසාන දිනවල ඔවුන් නැවතී සිටියේ කොල්ලුපිටියේ සුපිරි හෝටලයකට සම්බන්ධ නිවාස සංකීර්ණයක බවත් එහි 5 වන මහළේ කාමර 3 ක ඒකකයක් මාස 2 ක් සඳහා මිලට ගෙන බොම්බ පිපිරුම සඳහා සූදානම්වූ අය හා පවුල්වල අය නැවතී සිටි බවත් සහරාන්ගේ බිරිය සාදියා ප්‍රකාශ කර ඇත. එම නිවස සඳහා මසකට රුපියල් 140000 ක් ගෙවූ බවද ඇය දන්වා ඇත.

සහරාන් සහ අනෙක් අය මෙම ප්‍රහාරයේදී මරාගෙන මැරෙන බවට දිවුරුම් දීම සිදු කරන ලද්දේද එම කාමරයක සිට බවත් ඇය ප්‍රකාශ කර ඇත. එම වීඩියෝව එහිදී පටිගත කර අයිඑස් සංවිධානය වෙත යොමු කරන ලද බවත් ඇය දන්වා ඇති අතර දිවුරුම සිදු කළේ පිපුරුමට පැය 24 කට පෙර 20 වනදා බවද දන්වා ඇත.

සාදියා දන්වා ඇති පරිදි තමා සැමියාගේ ක්‍රියා කලාපයන් ගැන කැමැත්තක් නොවූවද ඔහු සමග අකමැත්තෙන් වුවත් බියෙන් එකට ජීවත්වූ බව දන්වා ඇත. 

තමා අවස්ථා කිහිපයකදී දික්කසාදය ඉල්ලුවත් එය ලබාදීමට ඔහු එකඟ නොවූ බවත් තමාට බුර්කාව ඇඳිමට පවා අණ කර තිබූ බවත් ඇය පවසා ඇත. 21 වනදා පිපිරුමෙන් පසු එදිනම උදේ 11.30 ට පමණ තමා ඇතුළු පිරිස සයින්දුමරුදු  ගිය බවත් තම අය මියයාම ගැන කම්පාවෙන් සිටි බවත් ඇය පවසා ඇත. ඇතුළෙන් සුදු ඇඳුම් ඇඳගෙන උඩින් කලු ඇඳුම අඳින්න මව දන්වා සිටි නිසා ගෙනවිත් තිබූ සුදු ඇඳුම් තමා ඇතුලු අය ඇන්ද බවත් එහි මරාගෙන මැරෙන බිරියන් තිදෙනෙකු සිටි බවත් ඒ ආකාරයට ඉක්තා ශෝකය සමරමින් සිටින අතර පොලිසියට ඉව වැටීමෙන් පසු අනෙක් අයට මරාගෙන මැරෙන්නට සිදුවූ බවත් ඇය දන්වා ඇත.

ඇයගේ ප්‍රකාශ අනුව ඔවුන් සුදු ඇඳුම් ඇඳගෙන තිබෙන්නේ ශෝකය සැමරීමටය. එසේම ගෙනවිත් තිබූ සුදු ඇඳුම් වලින් අඩුවූ සුදු ඇඳුම් එම අවස්ථාවේ මරාගෙන මැරුණ අනික් කාන්තාවන් පැළඳ සිටි බව ඇයගේ ප්‍රකාශ අනුව කියැවිණි.

සහරාන් ගේ දියණිය වන සිවු හැවිරිදි මොහොමඩ් සහරාන් රැසෙයිනාගෙන් ආරක්ෂක අංශ ප්‍රහ්න කිරීම් කළද වැඩි තොරතුරක් ලබාගන්නට තවම හැකිවී නැත.

'තාත්තගේ නම කියන්න බැහැ… කිව්වොත් කන් දෙකයි කටයි කපනවා කියලා තාත්තා කිව්වා…” යැයි ඇය එක්වරක් පවසා ඇත.

දැනට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන මෙම දෙදෙනා විශේෂ පොලිස් ආරක්සාව යටතේ රඳවා සිටින අතර වැඩිදුර ප්‍රශ්න කිරීම් ඉදිරියටත් සිදුවේ.
සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අබ්දුල් මොහොමඩ් නියාස් නැමැත්තා නිදහස් කිරීමට හොරොව්පතාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ 50000ක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් විසින් පුහුණු කඳවුරක් පවත්වාගෙන යාමට සැලසුම් කල ස්ථානයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා. වාලච්චේන රිදීතැන්න ඔමිනියාමඩු ප්‍රදේශයෙන් මෙම ස්ථානය සොයාගෙන ඇති අතර එහි තිබී ජෙලට්නයිට් කූරු 236 ක් සහ ඇසිඩ් පිරවූ බූලියක් ද සොයාගෙන තිබෙනවා.
පාස්කු ඉරිදා(21) එල්ල කළ ත්‍රස්ථ ප්‍රහාර මාලාවට සැළසුම්කළ බවට සැකකෙරෙන සහරාන් හෂීම්ගේ මස්සිනා වන මව්ලානා රිලා සහ ඔහුගේ මිතුරෙකු සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය බුද්ධි අංශ සිදුකළ දැනුම්දීමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා විසින් පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් ලෙසට සැලකෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදි පුහුණු කඳවුරක් ලෙස සකස් කළ මෙම නිවස සොයා ගැනිම සමත්වි ඇත.

සිව් මහලකින් යුත් මෙම නිවස උඩ වතුර ටැංකියක් තබා ඇති අතර එම ස්ථානයේ සිට අවට ප්‍රදේශ හොදින් නිරීක්ෂණය කිරිමට හැකියාව තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිදු කළ කල්ලියේ නායක සහරාන් හෂීම් ස්ථිර වශයෙන්ම මියගිය බවට සාධක ඇතැයි අන්තර්ජාතික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අධ්‍යයන ක්‍ෂේත්‍රයේ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා.

ත්‍රස්තවාදී සංවිධානයේ ඉතිරිව ඇති සාමාජිකයන්ගේ මානසික ශක්තිය ස්ථාවරව පවත්වා ගැනීම ද මෙමගින් අපේක්‍ෂිත බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
සයින්දමරුදු ප‍්‍රදේශයේ නිවසක් තුළදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් මියගිය තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ සොහොයුරෙකු ලෙස හඳුනාගෙන ඇති මොහොමඞ් රිල්වාන්ට අයත් කාත්තන්කුඩි ප‍්‍රදේශයේ නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය රහිත මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සමග ජංගම දුරකථන දෙකක් සහ ඒ.ටී.එම්. කාඞ් ඇතුළු බැංකු ගිණුම්වලට අදාළ පොත් රැසක් සොයාගෙන තිබේ. 

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කාත්තන්කුඩි පොලිසිය එක්ව ඊයේ (02 වැනිදා) සිදුකළ මෙහෙයුමකදී මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු භාණ්ඩ සොයාගෙන ඇත.
මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බව පවසමින් IS සංවිධානය නිකුත් කළ වීඩියෝව පටිගත කර ඇත්තේ විදෙස් රටක නොවන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

ගල්කිස්සේ පන්සල පාරේ පිහිටි ස්ටෑන් ටවර් හි සුපිරි නිවසක එය පටිගත කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වීඩියෝවේ දැක්වෙන මුහුණු ආවරණය කරගත් පිරිස අතරින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වී ඇත්තේ සුළු පිරිසක් බවද හෙළිව තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements