Featured News

Video Gossip

Advertisement

ගෝඨාභය රාජපක්ෂගේ නම කියද්දීම තමනට පණ බයක් ඇති වුණ බව බැසිල්වාදියකු ලෙස සැලකෙන පොහොට්ටු පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

මීළඟ ජනාධිපතිවරණයට ස්ථිර වශයෙන්ම පැමිණෙන්නේ තම පිලෙන් ඉදිරිපත් වන්නේ රෙද්ද බැනියම අඳින නායකයෙක් පමණක් යයිද ඔහු කියා සිටියි.

ජනහමුවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කලේය.

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරයා අපේක්ෂකයා කවුදැයි මහින්ද රාජපක්ෂ විසින් අගෝස්තු මස 11දා දැනුම් දෙන බව සඳහන් කර ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයෙක් වන තමන් සමඟ සාකච්චා කර නැති බව ද ඔහු එහිදී පැවසීය.

1952 දී ඩී.එස්. සේනානායක අශ්වයා පිටින් ඇද වැටී මිය ගිය පසුව එවකට හිටපු ආණ්ඩුකාරවරයා විසින් ඊළඟ ජ්‍යෙෂ්ඨයා වන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකට අගමැතිකම නොදී කනිෂ්ඨයකු වූ ඩඩ්ලි සේනානායකට අගමැතිකම දුන් බවද ඔහු සිහිපත් කලේය.

ඒ මොහොතේ බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය අතහැර පාර්ලිමේන්තුවේ විපක්ෂයට ගිය බවද පැවසූ වෙල්ගම මන්ත්‍රීවරයා, එසේ සිදු වුයේ ජේෂ්ඨත්වයට නොසැලකූ නිසා බවද පැවසුවේය. එවන් අවස්ථාවක් මෙවර සිදු නොවේවායි ප්‍රාර්ථනා කරන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

දීර්ඝ කාලයක සිට ගෝඨාභය රාජපක්ෂ විරෝධී අදහස් පල කරමින් සිටින කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ ඉහත ප්‍රකාශ, ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපති අපේක්‍ෂකත්වය දී ජ්‍යේෂ්ඨ තමනට නොදුන්නොත් විරුද්ද පිලට යන බවට සිදු කරන ලද පුර්ව අනතුරු ඇගවීමක් බව 'ලංකා සී නිව්ස්' වාර්තා කරයි.


විමල්ගේ මාධ්‍ය ජලයෙන් බැසිල්ට විවේචන

මේ අතර පසුගියදා මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කළ දේ ඊට වඩා හොඳින් ගෝඨාභය වෙනුවෙන් කරන බව ය.

එසේ වුවහොත් ගෝඨාභය රාජපක්ෂට අත්වන්නේ මහින්ද රාජපක්ෂට අත්වූ ඉරණම බව විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යනු ලබන lankaleadnews වෙබ් අඩවිය වාර්තා කරයි.

එනිසා මහින්ද රාජපක්ෂට කළ දේ නොකර ඊට වෙනස් දෙයක් කරන ලෙස එම වෙබ් අඩවිය සිය පුවත හරහා බැසිල් රාජපක්ෂට දැනුම් දී සිටියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements