Featured News

Video Gossip

Advertisement

මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවට දංකොටුව සතිපොළ භූමියෙහි වෙළෙඳාම් කටයුතු තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති, කේ.වී. සුසන්ත පෙරේරා විසින් දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ගෙන් ඉල්ලික් කර තිබේ.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ රාජපක්ෂවරුන්ගේ 'පොහොට්ටු' පක්ෂයටය.


'සතිපොළෙහි සාමාකාමී වාතාවරණය ආරක්ෂාකර ගැනීම සම්බන්ධවයි' යන ශීර්ෂයෙන් යුතු එම ලිපියෙහි මෙසේ සඳහන් වේ.

''දකොටුව සතිපොළ දැනට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන අතර රට තුළ පසුගිය කාලයේදී සිදුවූ අන්තවාදී ක්‍රියාවන් හේතුවෙන් විවිධ ප්‍රදේශවල ගැටලු පැනනැගී ඇත. 

මේ වන විට දංකොටුව සතිපොළ භූමියට පැමිණෙන වෙළෙඳ ප්‍රජාව අතර මුස්ලිම් ප්‍රජාවද සිටින බැවින් ප්‍රදේශවාසීන් හා වෙළෙඳ ප්‍රජාවගේ දැඩි විරෝධතාවය මා වෙත ප්‍රකාශ කර ඇති අතර එය පවත්නා සාමකාමී වාතාවරණයට බලපෑමක් සිදුකිරීමට ඉඩ ඇති බව මාගේ හැඟීමයි.

එබැවින් දැනට බලප්‍රදේශය තුළ පවත්නා සාමකාමී වාතාවරණය තවදුරටත් ආරක්ෂාකරගත යුතුව ඇති බැවින් මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවට තාවකාලිකව දංකොටුව සතිපොළ භූමියෙහි වෙළෙඳාම් කටයුතු තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙයින් දැනුම් දෙමි.''


ඇමති මංගලගේ විරෝධය :

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ඉල්ලීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත්කර ඇති මුදල් ඇමති මංගල සමරවිර මෙසේ සටහන් කර තිබේ.

''වෙන්නපුවෙත් වර්ගවාදය; මහින්ද රාජපක්ෂ යටතේ තිබෙන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන සතිපොළ මුස්ලිම් වෙළදුන්ට තහනම් කර ඇත. ලැජ්ජයි !''

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements