Advertisement


ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය. 

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමඟ පුථල් ප්‍රගතිශීලි සන්ධානයකට එළැඹීමටත්, එම සන්ධානය බිහි කිරීමෙහිලා නායකත්වය ගන්නා ලෙසත් එම සංදේශය මඟින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබේ.

අද (06) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රීයානි විජේවික්‍රම, මොහාන් ලාල් ග්‍රේරු, ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුථ මන්ත්‍රී කණ්ඩායම එම සංදේශය ජනාධිපතිතුමා වෙත භාර දෙන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements