Featured News

Video Gossip

Advertisement

මිහින්තලා පුදබිමේදී තරුණයන් පිරිසකට පහරදීම හේතුවෙන් ඊයේ (17) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙන මිහින්තලය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී සුපුන් මධුසංක ඇතුළු මැර පිරිසක් ඊයේ (16) දිනයේ පුදබිම අවට වෙළඳ කුටි පවත්වාගෙන ගිය තරුණයන්ගෙන් සහ දන්සැල් සංවිධායකයන්ගෙන් මත්පැන් බෝතල් දෙකක් හෝ මුදල් හෝ කප්පම් ලෙස ඉල්ලා ඇත. එසේ ලබා නොදුනහොත් වෙළඳකුටි හා දන්සැල් පවත්වාගෙන යාමට ඉඩනොදෙන බව පවසා තිබේ.

එහිදී අද අළුයමද මන්ත්‍රීවරය ඇතුළු පිරිස එලෙස කප්පම් ගැනීමට ගිය අවස්ථාවේ මිහින්තලා පූජා භූමියේ පැරණි රෝහල අසල දන්සැලක් පවත්වාගෙන ගිය තරුණ පිරිසක් හා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අතර බහින්බස් වීමක් සිදුව ඇත එය දුරදිග යාමෙන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇත. එහිදි පහරකෑමට ලක්වූ තරුණයන් මිහින්තලය පොලිසියට පැමිණිලි කිරීමත් සමග එම ස්ථානයට පොලිස් නිලධාරීන්ද පැමිණ ගැටුම සමතයකට පත්කිරීමට උත්සාහ දරා තිබේ. එහිදී පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ටද පරුෂ වචනයෙන් බැනවැදී පහරදීමට උත්සාහ දරා ඇත.

මෙහිදී පොලිස් නිලධාරීන් විසින් පොහොට්ටු පක්ෂයේ මෙම මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements