Featured News

Video Gossip

Advertisement

අපිව බලන්න දඹානට එන ගොඩක් අය මගෙන් ඉල්ලන්නේ මේ පාර පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. වෙලාවක මට හිතෙනවා මමවත් ඉදිරිපත් වෙලා රට ඉදිරියට ගෙනයන දිශානතිය පෙන්නලා දෙන්නද කියලා. ඒත් පස්සේ මටම හිතෙනවා ඒ මඩ ගොහොරුවට වැටිලා මම මොකටද විහින් විනාශ වෙන්නේ කියලා යැයි ආදිවාසී නායක උෟරුවරිගයේ වන්නිල ඇත්තෝ පවසයි.

පසුගිය අප්‍රේල් 21 දින රටේ එකම දවසේ ස්ථාන 8ක බෝම්බ 8ක් පිපිරුණු බවත් මේ වන විට රටම අකර්මණ්‍ය වී නිද්‍රාසන්න වී ඇති බවත් මෙතරම් විනාශයක් වී තිබියදීත් ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ හැසිරීම දකින විට අප්පිරියාවක් ඇති වන බව පැවැසීය. එය ඔහුට පමණක් ඇති වන දෙයක් නොවන බවත් රටේ හැමෝටම එක සේ ඒ අප්පිරියාව දැනෙන බවත් ආදිවාසී නායකතුමා පැවැසීය. එතුමාගේ 72 වැනි ජන්ම දිනයට සමගාමීව දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේ සංවිධානය කර තිබූ ආගමික වැඩසටහනින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ මෙසේද පැවැසීය.

එහිදී ආදිවාසී නායකවරයා මෙසේද පැවැසීය. 

රටක් පාලනය කරන පාලකයන්ගේ වගකීමක් තියෙනවා. ඒ වගකීම දරාගෙන රට පාලනය කිරීම අත්‍යවශ්‍යයි. හැබැයි දැන් ඉන්න කණ්ඩායම ගැන බැලුවාම මොන එකද සිද්ධ වුණේ කියා තේරුමක් නෑ.

රටම ප්‍රපාතයට ඇද දමලා. රටේ නායකයන්ට මතකයක්වත් නෑ ඒ ගැන. මේ වෙලා තියෙන වින්නෑසියේදී නායකයන් එක එකා කුළල් කාගන්නේ නැතිව එක අරමුණකට කණ්ඩායමම එකතු වියයුතු කාලය ඇවිත් තියෙන්නේ. එක පිලක් එක පැත්තකට අදිනවා. අනෙක් පිල තව පැත්තකට අදිනවා. එහෙම වෙනකොට රටේ ආරක්ෂාව පවත්වා ගනිමින් රටේ සංවර්ධනය සිද්ධ කරන්නේ කොහොමද? ජාතියක් හැටියට රටක් හැටියට හැම කෙනාම එකතු විය යුතු කාලය එළැඹිලා තියෙනවා. 

මේ වනකොට දේශපාලන නායකයන් සහභාගි වන උත්සව රට වැසියන් විසින් ප්‍රතික්ෂේප කරනවා. හූ කියලා දේශපාලන නායකයන් පන්නා ගන්නවා. මේ අය කියන කතාවල කිසිම ගැළපීමක් නෑ. රටේ මිනිස්සු කුපිත වෙමින් යනවා. මේ දේශපාලකයන් කියන කරන එවා ගැන මිනිසුන්ට විශ්වාසයක් නෑ. ඒකයි මිනිස්සු ‘හූ’ කියලා එළවා ගන්නේ. 

මට දේශපාලනයක් නෑ. රටට වැඩ කරන්නේ කවුද? ඒ කෙනා තමයි සැබෑ දේශපාලකයො. රටට, සංස්කෘතියට හා පරිසරයට ආදරය කරන කෙනෙක් රටේ නායකයා වීම අත්‍යවශ්‍යයි. ඒ තැනට සුදුසු කෙනා අරයාද මෙයාද කියලා මම කියන්න කැමැති නෑ. පත් කරගන්නවා නම් අපි පත් කර ගත යුත්තේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත්වලට ගරු කරන, බුද්ධිමත් පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කර ගන්නා නායකයෙක්. පැන්සලට, මකන කෑල්ලට ගහගන්නා පෙර පාසල් ළමයි වගේ පාර්ලිමේන්තුවේ හැසිරෙන රටම හිනස්සන පිරිසක් බවට දේශපාලකයන් අද පත්වෙලා.

රටේ දේශපාලනය කරන මූණු ටික අපි හැමදාම දකින මූණු ටිකමයි. වෙනස් වෙනවා දකින්නේ නෑ. කාලෙන් කාලෙට ඒ අයගේ පක්ෂය හා පක්ෂ පාට පමණයි වෙනස් වෙන්නේ. ගෙම්බො වගේ පනින්න දක්ෂයි. ගහක බැඳලා තියෙන මීවදයක මී පැණි ටික ඉවර වෙනකොට මී වදය හැරදා මී මැස්සෝ ඉවත්ව යනවා. කැලේ නැවතත් මල් පිපිලා මලින් බර වෙනකොට නැවතත් ඒ මී මැස්සෝ ඒ මී වදයට පැමිණෙනවා. අන්න ඒ වගේ තමයි ඒ අයත්. පැණි තියෙන තැනමයි හොයාගෙන යන්නේ. මිනිස්සු මේක තේරුම් ගන්න ඕන.

කැපුවත් රතු,කැපුවත් කොළ,කැපුවත් නිල් කියන අය හින්දා තමයි මේ රට අගාධයට පත්වෙලා තියෙන්නේ. රට ගොඩගන්න බැරි වෙලා තියෙන්නෙත් මේ හින්දාමයි. මේ තියෙන පක්ෂ දෙකම තමයි මාරුවෙන් මාරුවට මේ රටේ පාලනය කරන්නේ. මේ කණ්ඩායම් දෙකම ඇවිත් කියන එකම කතාවක් තියෙනවා. ඒ තමයි කොළොන්නාවේ කුණු කන්ද වගේ උසට අපේ රට පිට රටවලට ණයයි කියලා. ඊළඟට රට භාරගන්න අයත් ඒ කතාවමයි කියන්නේ. මේ ණය කන්ද, කොයිම දවසකවත් ඉවර වෙන එකක් නම් නෙවෙයි. රටේ මිනිසුන්ට සහනයකුත් ලැබෙන්නෙම නෑ. රට භාර ගන්න ඒ හැම කෙනාම හා කණ්ඩායමම පරණ ණය ගෙවන්න තව තව ණය අරගෙන රට තව තවත් අගාධයට ඇද දමනවා. මම ඔට්ටුවක් අල්ලනවා ඉදිරියේදී එන ආණ්ඩුවත් කතා කරන්නේ ඔය කොළොන්නාව කුණු කන්ද වගේ ලොකු ණය කන්ද ගැනම පමණයි. ඒ කතාවෙන් මිරිකෙන්නේ පීඩාවට පත් වෙන්නේ මේ අපි වගේ රටේ පොඩි මිනිස්සු පමණයි. 

මහියංගණ - රංජිත් කරුණාවීර
Mawbima

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements