Featured News

Video Gossip

Advertisement

යුධ හමුදාවේ දෙවැනියා හෙවත් මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට ජූනි 21 වෙනිදා වයස අවුරුදු 55 සපිරෙන හෙයින් එදින ඔහු විශ්‍රාම යාමට නියමිතව සිටියද ඔහුට තවත් මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

යුධ හමුදාවේ මීට පෙර දෙවන ප්‍රමුඛ ධූරය හෙබවූ මේජර් ජෙනරල් දම්පත් ප්‍රනාන්දුට සේවා දිගුවක් ලබාදුන් ආකාරයෙන්ම ශවේන්ද්‍ර සිල්වාට ද එම සේවා දිගුව ලබාදී ඇති බවත් ඒ අනුව ශවේන්ද්‍ර සිල්වාට දෙසැම්බර් මස 21 දක්වා හමුදා සේවයේ නිරතවීමට අනුමැතිය හිමිවන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත හමුදාපති ධුරයේ රැඳී සිටින්නට ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති සේවා දිගුව මේ වසරේ අගෝස්තු 18 වැනිදා වන විට අවසන් වීමට නියමිතය. 

යුධ හමුදාපති සටනේ ඊලඟ සුදුස්සාව සිටින මේජර් ජෙනරල් සත්‍යප්‍රිය ලියනගේට නොවැම්බර් 14 වැනිදා වයස අවුරුදු 55 සැපිරෙන්න අතර ජනාධිපතිවරයා ඔහුටද සේවා දිගුවක් ලබා නොදුනහොත් එදින ඔහුට විශ්‍රාම යාමට සිදුවනු ඇත.

මේජර් ජෙනරාල් ධුරයේ රැඳී සිටියදී මීට පෙර වයස අවුරුදු 55 සපුරන ලද නිලධාරියකුට සේවා දිගුවක් ලැබුණේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හමුදාපති ධුරය හොබවද්දීය. එවකට යාපනය ආඥාපතිව සිටි මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි වෙත සේවා දිගු නිර්දේශ වූයේ යාපනයේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔහු රඳවා තැබිය යුතු යන මතය නිසාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements