Advertisement

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කඩුවෙල පැවති ජන හමුවකදී පවසා ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධ බව සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වීමට තමා සූදානම් බවයි.

"මංගල සමරවීර කියනවා ISIS තර්ජනයට ලක්වෙලා ඉක්මනින්ම යථා තත්ත්වයට පත් වුණු ලෝකෙ එකම රටලු ලංකාව. ISIS මෙහේ ආවේ නැහැ. මෙහේ ඊබ්‍රාහිම්ගෙ පුත්තු තමයි ISIS හොයාගෙන ගියේ.

ISIS නම් දැම්මේ අමෙරිකානු හමුදා ගෙන්වාගන්න. අමෙරිකානු හමුදාවට එන්න තමයි සහරාන්ලට හැදෙන්න නිදහස දුන්නේ.රිෂාඩ්ලව රකින්නේ ඒ නිසයි.


රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ත්‍රස්තවාදයට සම්බන්ධ නැහැ කියනවානම් තව ටික දවසකින් මම සාක්ෂි සහිතව මම ඔප්පු කරලා පෙන්වනවා.
රිෂාඩ් තවමත් ඇමති තමයි. අපිට බොරු ෂෝ එකක් දැම්මා අයින්වෙනවා කියලා.
රිෂාඩ්ගෙන් මම අහනවා සහරාන්ලගේ වැඩවලට සතොස වාහන පාචිච්චි වුණේ නැද්ද?
සතොස වාහනවල සහරාන්ලා ගියේ නැද්ද?
ප්‍රහාරයට පෙර දිනයේ සතොසට අයිති වාහනවල ගියේ නැද්ද?
සයින්දමරදු මරාගෙන මැරුණු නිවසට ගියේ නැද්ද?
අපි රිෂාඩ්ට අභියෝග කරනවා පුළුවන් නම් නැහැ කියන්න

අද නැහැ කිව්වොත් මම හෙට ඔප්පු කරනවා.
එහෙම ඔප්පු කළොත් මම පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙනවා කියන්න.
DIG නාලක සිල්වා රොබෝ කෙනෙක්ද ?
උසාවියෙන් ඇප දුන්නු ගමන් ගැජට් ගැලෙව්වා.
ඔහුට අසනීප බව නිර්දේශ කළ දොස්තරත් අපහසුතාවයට පත් වුණා.
කාරක සභාවට බුද්ධි අංශ නිලධාරීන් ගෙනත් බලනවා UNP අතේ ගෑවුණු ලේ වෙනත් අතක ගාවන්න‍.
සුද්ද කරන්න ගිහින් ආණ්ඩුවේම රෙදි ගැළවෙනවා." යැයි විමල් වීරවංශ මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements