Advertisement

කණ්ඩායමේ සෑම ක්‍රිඩකයෙක්ම තමන්ට ලබාදී ඇති රාජකාරිය නිසි ලෙස ඉටු කළ යුතු බවත් එසේ නොමැතිවුවහොත් ශ්‍රි ලංකා කණ්ඩායමට ඉදිරියට ගමන් කිරීමට අපහසු බවත් ශ්‍රී ලංකා හිටපු නායක, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා පසුගියදා (04දා) පැවැත්වෙන තරගයට පෙරාතුව එංගලන්තයේදී මාධ්‍ය අමතමින් ලසිත් මාලිංග කලකිරීමෙන් යුතු ප්‍රකාශයක් සිදු කර තිබුණි. ඔහු මෙසේ පවසා තිබේ.

“පසුගිය කාලයක් තිස්සේ මැච් එකක් පරිදිනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා. එහෙම ගියොත් හැමදාම අපිට මේ විදිහටයන්න පුළුවන් වෙයි.

මම බලාපොරොත්තු වෙන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙසත්, කණ්ඩායමේ 15 දෙනා අතර ඉන්න ක්‍රීඩකයෙක් ලෙසත් හැම ක්‍රීඩකයෙක්ම තමන්ගේ තරගකාරිත්වය සම්බන්ධයෙන් බයක් ලැජ්ජාවක්, ඒ වගේම තමන් දක්ෂතා දක්වන්න ඕන කියන මතයේම ඉදගෙන ක්‍රීඩා කළ යුතුයි.

නැත්නම් අපිට අපේ ක්‍රිකට් මෙතනින් එහාට අරන් යන්න හරි අමාරුයි. මම බලාපොරොත්තුවෙනවා හැම ක්‍රීඩකයෙක්ම හෙට ඉදලා හරි අපිට තිබෙන ලැජ්ජාව, බය ‘මම දක්ෂතා දක්වන ඕන. නැත්නම් මේ ලංකාවේ 15 දෙනෙක් අතරට ඇවිත් ඉන්න මම නිකම් තරගයට ඇවිත් යන්න නෙමෙයි.’ (කියලා හිතට ගනීවි)

මට භාරදීපු ජොබ් එකක් තියෙනවා ඒක කරන්න ඕනම කියලා තමන්ට බයක් තිබුණොත් තමයි තත්වය තේරුම් අරගෙන මගෙන් වෙන්න ඕන මොකක්ද, අනිත් කෙනාට උදව් කරන්නේ කොහොමද කියලා (හිතන්නේ) මැදදී තරගයක් යන විට තමයි හැමදේම වෙනස් වෙන්නේ. ඒ වෙනස්වීමට මුහුණ දෙයි කියලා මම හිතනවා”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements