Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results


ගැහැනිය යනු මානව වර්ගයාට අයත් ස්ත්‍රී ලිංගික ජීවියාය. ගැහැනියක ලෙසින් හඳුන්වන්නේ ලිංගික පරිණතියට පත්වූවන් වන අතර කුඩා අවධියේදී ඇයව හඳුන්වන්නේ ගැහැනු ළමයා ලෙසින්ය. මිනිස් දරුවකුට උපත දීමට හැකියාව ඇත්තේ ගැහැනියට පමණි. දරුවකු හදා වඩා ගැනීමේදී වැඩි මෙහෙයක් ඇය අතින් සිදුවේ. මේ විකිපීඩියා නිදහස් විශ්වකෝෂයට අනුව ගැහැනිය නිර්වචනය කොට ඇති ආකාරයයි. 

නිර්වචනයට අනුව ගැහැනිය, දියණියක්, බිරියක්, මවක් ලෙසින් කරන කාර්යභාරය ගැන යම් විග්‍රහයක් කොට තිබුණද ඉන් පරිබාහිරව ඇය කරන්නා වූ බොහොමයක් දෑ සම්බන්ධයෙන් අදහසක් එහි දක්වා නැත. ගැහැනු ළමයා වැඩුණු ගැහැනියක වීම දක්වා වූ කාලය තුළ ඇය බොහොමයක් භූමිකාවන්හි නිරත වේ. නමුදු සමස්ත වශයෙන් හා අවසාන අර්ථයෙන් ගත් කල ඇය ගැහැනියකි. ඒ ගැහැනිය සතුව ඇත්තේ ගැහැනු හිතකි. ඒ හිත තුළ තමා ජීවත් වන කාලය තුළ කළ යුතුම යැයි සිතා සිටිනා දේවල් සම්බන්ධයෙන් යම් තක්සේරුවක් තිබිය හැකිය. අද ගැහැනු හිතක් සමඟ සම්බන්ධ වන විනු සිරිවර්ධනටත් එවන් වූ ගැහැනු හිතක් ඇත. මේ වෑයම ඇගේ ඒ ගැහැනු හිත කියැවීමටයි. 


ඇය ඇයට හිමි තැන ලබා ගත යුතුයි

කාන්තාව යනු මෙලොව උතුම්ම පදවිය ලැබිය හැකි එකම තැනැත්තියයි. ඇය නිතැතින්ම අන්‍යයන්ගේ ගෞරවයට, ආදරයට බඳුන් විය යුතුයි. අතීත සමාජය තුළ කාන්තාව පහත් කොට ඇය දුර්වල සත්ත්වයෙක් ලෙස සැලකුවා. එම සමාජය තුළ ප්‍රමුඛත්වය හිමි වූයේ පුරුෂයාට පමණයි. නමුත් සමාජ විකසනයත් සමඟ අද වන විට කාන්තාව ඇයට හිමි විය යුතු නිසි තැන ලබාගෙන අවසානයි. සෑම ක්‍ෂේත්‍රයකින්ම ඇය ඇයට ගමන් කළ හැකි උපරිමය දක්වා ගමන් කොට තිබෙනවා. එවැනි දිරිය කාන්තාවන් පිළිබඳව හදවත තුළ මහත් වූ ගෞරවයක් සහ අභිමානයක් පවතිනවා. 

ඇය ස්වයං හික්මීමක් ඇති කර ගත යුතුයි. 

මගේ පවුල තුළ මට වඩා වැඩිමහල් සහෝදරයකු සහ නැඟණියක් සිටිනවා. මගේ මව සහ පියා අප සියලුදෙනාටම එක සේ ආදරය රැකවරණය ලබාදෙනවා. කුඩා කල සිට අපගේ ආරක්‍ෂාව උදෙසා යම් යම් සීමාවන් පැනවුණා. අදටත් අපට සීමාවන් පැනවෙන අවස්ථා තිබෙනවා. අපට ආදරය කරන අපගේ යහපත ප්‍රාර්ථනා කරන මවුපියන්ගේ මතයට ඇහුම්කන් දිය යුතුයි කියා මා සිතනවා. අත්දැකීම් සමඟ ලබාගත් පරිණතභාවය හේතුවෙන් ඔවුන්ට අපට වඩා සමාජය පිළිබඳව හොඳ වැටහීමක්, ඉවක් තිබෙනවා. වැරැදි දෙයට යොමු නොවී නිවැරැදි මාර්ගය තෝරා ගැනීමට ඔවුන්ගේ මඟ පෙන්වීම වැදගත්. ඕනෑම පුද්ගලයකු තමාට ස්වයං වාරණයක් පනවා ගත යුතුයි. ස්වයං හික්මීමක් ඇති කරගත් තැනැත්තා අන්‍යයන්ට කරදයක් නොවන ලෙස සමාජයේ ජීවත්වීමට අනුගත වනවා. 

ඇය බුද්ධිමත් බවින් හා දැනුමින් පූර්ණ විය යුතුයි.

අධ්‍යාපනය, බුද්ධිය, දැනුම මෙලොව වසන සෑම මනුෂ්‍යයකුටම වැදගත්. මා රූ රැජනක් රූප රාජිනියක් යැයි පැවැසූ විට බොහෝදෙනා සිතන්නේ එහි මූලිකත්වය ලැබෙනුයේ බාහිර සුන්දරත්වයට පමණක් කියාය. රූ රැජනක තේරීමේදී රුව සහ බුද්ධිය යන කරුණු දෙකෙහිම සංයෝජනය නිර්ණායක වනවා. බුද්ධි, දැනුම හිමි කාන්තාවන්ට ගෞරවාන්විතව සමාජයේ ජීවත් වීමට හැකියාව තිබෙනවා. අධ්‍යාපනය වැදගත් වන්නේ රැකියාවක නිරත වීම උදෙසා පමණක්ම නොවෙයි. යහපත් පුරවැසියන් මෙලොවට දායාද කිරීමට මවකගේ බුද්ධිමත්භාවය ඉවහල් වනවා. එසේම අන්‍යයන් තේරුම් ගෙන සුහද ලෙස ජීවිතය ගත කිරීම බුද්ධිමත් කාන්තාවකගේ ලක්‍ෂණයක්. 

ඇය තම පවුලත්, රැකියාවත් සමබර කර ගත යුතුය.

මවක්, බිරියක් ලෙස ජීවිතය ඉදිරියට ගෙන යෑමේදී කාන්තාවකට පැවැරෙන වගකීම් වැඩකටයුතු සමඟ අනිවාර්යයෙන්ම රැකියාවක නිරත විය යුතුයි කියා පැවැසීම අපහසුයි. නමුත් වර්තමාන ආර්ථික පසුබිම සමඟ නිවෙසේ එක් අයකු පමණක් රැකියාවක නිරත වීම ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. යම් කාන්තාවක් නිවෙසේ රාජකාරි ඉටුකරමින් රැකියාවක නිරත වෙනවා නම් සැමියාගේ සහයද ඇයට අත්‍යවශ්‍යයි. නැතහොත් ඇය මනසින් කඩා වැටී අනවශ්‍ය පීඩනයකට ලක් වීමට ඉඩ තිබෙනවා. ඇතැම් කාන්තාවන් තවත් පුද්ගලයකු මත යැපීමට ඇති අකැමැත්ත මතද රැකියාවක නිරත වනවා. එය එක් එක් කාන්තාවගේ පෞද්ගලික මතය අනුව සිදුවන්නක්. රැකියාව සහ පවුල නිසි පරිදි සමබරව පවත්වාගෙන යා හැකි නම් සැබැවින්ම එම කාන්තාව සාර්ථක කාන්තාවක් ලෙස හඳුන්වා දිය හැකියි.

ඇය තමාගේ නායකත්ව ගුණාංග හඳුනාගත යුතුයි.

කාන්තාවකට නායකත්වය දැරීමේ හොඳ හැකියාවක් තිබෙනවා. ඇය තුළ ඉවසීම, දරාගැනීම, බුද්ධිමත්ව තීරණ ගැනීම වැනි ගුණාංග හොඳින් පිහිටා තිබීම එයට හේතුවයි. කාන්තාවකට නායකත්වය දැරිය හැකි බවට ඕනෑ තරම් උදාහරණ අප රට තුළින්ම පෙන්වා දිය හැකියි. කාන්තාවක් අප රටේ ජනාධිපතිනිය ලෙස කටයුතු කළා. එසේම ලොව ප්‍රථම අගමැතිනිය වීමේ ගෞරවය හිමි වන්නේ අප රටේ කාන්තාවකටයි. අද වනවිට කාන්තා නායකත්වය සමඟ පෙරට එන රටවල් ඕනෑ තරම් තිබෙනවා. එවැනි කරුණුවලින් ගම්‍ය වන්නේ කාන්තාවකට නායකත්වය දැරීමට ඕනෑ තරම් සුදුසුකම් තිබෙන බවයි. 

ඇය හදවතින් නොව බුද්ධියෙන් තීරණ ගතයුතුයි.

මම කලා ක්‍ෂේත්‍රයට පා තැබුවේ අභියෝගයක් සමඟයි. එසේම කලා ක්‍ෂේත්‍රයට පැමිණි දා සිට අද දක්වා විවිධ අභියෝගයන්ට මුහුණදීමට මට සිදුවුණා. ඒ සෑමවිටම අභියෝග ජය ගනිමින් මට හිමි තැන රැක ගනිමින් ඉදිරියට යෑමට මට හැකියාව ලැබුණා. ජීවිතයේ සාර්ථකත්වය රදාපවතින්නේ අභියෝග ජය ගැනීමේ හැකියාව මතයි. ජය පරාජය මධ්‍යස්ථ සිතින් දරා ගැනීමට අපගේ මනස හුරු කළ යුතුයි. ඇතැම් අවස්ථාවලදී කාන්තාව පිරිමියාට වඩා සංවේදී වෙනවා. බුද්ධිමත් ලෙස කටයුතු නොකර බොළඳ තීරණවලට යොමු වන යුවතියන්ද සිටිනවා. නමුත් යම් තීරණයක් ගැනීමට පෙර හදවතින් නොව බුද්ධියෙන් ඒ පිළිබඳව විමසිය යුතුයි. 

ඇය තම මනස විවේකීව තෘප්තිමත්ව තබා ගත යුතුයි 

කාර්යබහුල ජීවිතයක් ගත කරන අප මනසේ සැහැල්ලුව උදෙසා යම් කාල වේලාවක් වෙන්කළ යුතුයි. මා ළඟින් ඇසුරු කරනා හිත මිතුරන් සිටින්නේ ඉතා අල්ප ප්‍රමාණයක් පමණයි. ඉඩක් ලද විට ඔවුන් සමඟ සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් රස විඳීමට මා ඇලුම් කරනවා. රසවත් චිත්‍රපටයකට අපගේ මනස සැහැල්ලු කිරීමේ හැකියාව තිබෙනවා. නිවෙසේ සිට රූපවාහිනියෙන් චිත්‍රපට නරඹනවාට වඩා රසයක් සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නැරැඹීමෙන් විඳිය හැකියි. එසේම තෝරා ගන්නා මාතෘකා යටතේ ඇතැම් පොත් පත් කියැවීමටත් මා රුචියක් දක්වනවා. එවැනි දෙයින් මගේ මනස සැහැල්ලු වෙනවා. 

සෑම කාන්තාවක්ම තමන්ගේ මනස තෘප්තිමත් වන දෙයක නිරත විය යුතුයි. එය ඇයගේ අනෙකුත් සෑම ක්‍රියාවකම සාර්ථකත්වයට හේතු වෙනවා.

ඇය තම සුන්දරත්වය තමා වෙතින් ගිලිහී යෑමට ඉඩ නොදිය යුතුයි

ආදරයක් ප්‍රථමයෙන් ගොඩනැඟෙන්නේ රූපය මතයි. අපගේ නෙත ප්‍රිය කරන ආකාරයේ රුවක් ඇති අයකු කෙරේ අපගේ සිතෙහි ආකර්ෂණයක් ඇති වනවා. ඉන්පසු ඇසුරු කිරීමේදී ඔහුගේ ඇයගේ ගති ගුණ පිළිබඳව ඇතිවන පැහැදීම එම බැඳීම විවාහය දක්වා ගෙන යනවා. ප්‍රථමයෙන් ගති ගුණ සමඟ බැඳී ඇති වන ආදර අන්දරයන් ද තිබෙනවා. නමුත් බොහෝවිට සිදුවන්නේ රූපයට ඇති වන ආකර්ෂණයයි. විවාහයෙන් පසු බොහෝ කාන්තාවන් රූපය පිළිබඳව දැක්වූ සැලකිල්ල ක්‍රම ක්‍රමයෙන් අවම කරනවා. මවක් වූ පසු ඇති වන කාර්යබහුලත්වය සමඟ රුව පිළිබඳව තැකීමක් සිදුකරන්නේම නැහැ. සුන්දරත්වය තුළ රූපයේ සුන්දරත්වය, ශරීරයේ හැඩය, පිරිසුදුකම, පිළිවෙළ යන මේ සියලු කාරණා අන්තර්ගතයි. සුන්දරව පිරිසුදුව සිටින විට ඇයගේ සැමියාට, දරුවන්ට ඇය ආඩම්බරයක්, මගේ මව මට වඩා සුන්දර යැයි ඇතැමුන් පවසනවා. දියණියක ලෙස එවැනි වදන් මගේ සිතට ආඩම්බරයක් ගෙන එනවා. වියපත් වීම සමඟ කාන්තාව ශරීරය පිළිබඳව දක්වන සැලකිල්ල අවම කරනවා වෙනුවට තව තවත් සුන්දරව, නිරෝගීමත්ව සිටීමට උත්සහ දැරිය යුතුයි. 

ඇය තමාට හැකි අයුරින් තම යුතුකම් ඉටු කළ යුතුයි.

විශාල බලාපොරොත්තු හෝ අනාගත සැලසුම් පිළිබඳව මා තවමත් සිතා නැහැ. එහෙත් මගේ එකම පරමාර්ථය මගේ මවුපියන්ට, පවුලට මට හැකි උපරිමයෙන් සැලකීමයි. එය මා ඉටු කළ යුතු වගකීමක් ලෙස මා දකිනවා. මට පැවැරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කර වගකීම් පැහැර නොහැර ජීවත් වූ කාන්තාවක් ලෙස යම් දිනෙක මිය යෑමට හැකි වේ නම් එය මට විශාල සතුටක් වේවි. 

සෙව්වන්දි හෙට්ටිආරච්චි





gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook