Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ඊයේ (03දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී හමුවී රට තුළ මේ වන විට පවතින ආර්ථික ගැටලූ රැුසක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක් පැවැත්වූහ.

මෙම සාකච්ඡුාව සඳහා අගමැති සමග මුදල් ඇමැති මංගල සමරවීර, කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන යන මහත්වරුද, විපක්ෂ නායකවරයා සමග දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, සුසිල් පේ‍්‍රමජයන්ත, උදය ගම්මන්පිල යන මන්ත‍්‍රීවරු ද සහභාගි වූහ.

ඊයේ පෙරවරු 10 ට පමණ අරලියගහ මන්දිරයට පැමිණි විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම පැයක් පමණ මෙම සාකච්ඡුාවේ නිරත වූහ.

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ආර්ථිකයට සිදු වූ බලපෑම සම්බන්ධව සහ එම පාර්ශ්ව සඳහා ආණ්ඩුව ලබාදෙන සහන පැකේජය පිළිබඳව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ලබන බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට ද මෙහිදී තීරණය කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා-

අද සාකච්ඡා සාර්ථකයි. අපි කාරණා කිහිපයක් ගැන සාකච්ඡුා කළා. රතන හාමුදුරුවන්ගේ ප‍්‍රශ්නය ගැන කතා කළා. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව සංචාරක ක්ෂේත‍්‍රය සහ අනෙකුත් අංශවලට ඇති වූ බලපෑම නිසා බැංකු ක්ෂේත‍්‍රයෙන් ලැබිය යුතු සහන පිළිබඳව, දැනට තුවාල ලබා සිටින අය පිළිබඳව කතා කළා. දේශපාලනය ගැන කතා කළේ නෑ. දේශපාලන වශයෙන් අපි කොහොමත් විරුද්ධයිනේ. රටේ තිබෙන ප‍්‍රශ්න ගැන සහ ඒවාට විසඳුම් ලබා දීම ගැනයි කතා කළේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා-

පාස්කු ප‍්‍රහාරය නිසා රට තුළ ඇතිවී තිබෙන ප‍්‍රශ්න ගැන අපි කතා කළා. අපි මතු කරපු සෑම කාරණයක් ගැනම ඒ ප‍්‍රශ්න විසඳලා කියලා තමයි මුදල් ඇමැතිතුමා කිව්වේ. ඒ ප‍්‍රශ්න විසඳලා කියලා සංචාරක ක්ෂේත‍්‍රයේ අය දන්නේ නෑ. තොරණ ඉදිකරන්නන් ඒ ගැන දන්නේ නෑ. ගල් කඩන අයට ගල් කඩන්න වෙඩි බෙහෙත් නෑ. මේ ප‍්‍රශ්න විසඳලා නම් ඒ ක්ෂේත‍්‍රවල නිරත අයගෙන් ඇයි මේ ප‍්‍රශ්න එන්නේ. ආණ්ඩුවෙන් ප‍්‍රශ්න විසඳනවා නම් විපක්ෂයට මේ පැමිණිලි එන්නේ ඇයි. මහානායක ස්වාමින් වහන්සේලා සොයා ගෙන ගිහින් තමන්ගේ දුක කියන තත්ත්වයට අද ජනතාව පත්වෙලා.

මුදල් ඇමැතිතුමා පොරොන්දු වුණා ලබන බ‍්‍රහස්පතින්දාට මේ සහන මල්ල ගැන පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරනවා කියලා. ඒ නිසා පාස්කු ප‍්‍රහාරයෙන් අසරණ වෙලා ඉන්න ජනතාවට මේ අද සාකච්ඡුාව නිසා සහනයක් ලැබෙයි කියලා. ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තිබුණේ සංචාරක ක්ෂේත‍්‍රය ගැන විතරයි. ඒත් සෑම ක්ෂේත‍්‍රයක් ගැනම අවධානය යොමු කළ යුතුයි කියලා ආණ්ඩුව එකඟතාව පළ කළා. ඒ අනුව අපි මුදල් ඇමැතිතුමා බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ කරන ප‍්‍රකාශය දෙස ඇස් දල්වා බලා සිටිනවා ඒ සහන ජනතාවට ඇත්තටම ලැබෙයිද කියලා.

 චෝදනාවලට ලක්වෙලා සිටින ආණ්ඩුකාරවරුන් ගැන කතා කළාද? 

නෑ. අපි මෙතනදී අද කතා කළේ ආර්ථික කරුණු ගැන විතරයි. අගමැතිතුමා එක්ක අපට දේශපාලන කතා නෑ. එතුමා එක්ක දේශපාලන කතා තිබෙන්නේ මහපාරෙදී.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විවිධ අය අත්අඩංගුවට ගන්නවා. හිස්බුල්ලා ආණ්ඩුකාරතුමා සම්බන්ධව වීඩියෝ පටයක් නිකුත් වෙලා තිබෙනවා මේ ගැන පියවර ගත යුතුයි නේද? 

මෙතන ඉන්නේ රටේ ලොකුම අපරාධකාරයෝ ටික, ත‍්‍රස්තවාදී ටික, ඒ අයව ඇමැති මණ්ඩලයේ තියාගෙන, ආණ්ඩුකාර තනතුරුවල තියාගෙන ෆේස්බුක් එකේ පුංචි පෝස්ට් එකක් දාන තරුණයින්ව අත්අඩංගුවට ගැනීමෙන් මේ ප‍්‍රශ්නය උඩු දුවනවා ඇරෙන්න මේ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නෑ, මේ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ සැබෑ ලෙසම පියවර ගැනීමෙන්.

බලන්න අසාද් සාලි මධ්‍ය ඉදිරියේ කතා කරන විදිහට මේ රටේ ජාති, ආගම් භේදයකින් තොරව ජනතාවගේ ඇෙ`ග් ලේ කෝප වෙනවා. ඒ මනුස්සයාට විරුද්ධව රටේ නීතිය කි‍්‍රයාත්මක කරන්නේ නැතිව ඒ පිළිබඳව හැඟීම්බර වන තරුණයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරනවා කියන්නේ මේ ආණ්ඩුව තනිකරම පක්ෂග‍්‍රාහියි කියලා. 

ජනාධිපතිතුමාවත් ඔබතුමාලා හම්බවෙනවාද? 

ඔව්, ජනාධිපතිතුමාත් හම්බවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. අනෙක මේවා නායකයෝ නොදන්න ප‍්‍රශ්න නොවෙයි. මේවා යළි සිහිපත් කිරීම පමණයි අපි මේ කරන්නේ.

රතන හාමුදුරුවන්ගේ ප‍්‍රශ්නය ගැනත් කතා වුණාද?

නෑ. මෙතනදී කිසිම දේශපාලන කතාවක් වුණේ නෑ. කතා වුණේ ආර්ථික ප‍්‍රශ්න විතරයි. රතන හාමුදුරුවන් කියන්නේ කවුද? මොනවද කරන්නේ කියලා මේ නායකයින්ට දැනෙන්නේ නැත්නම් ඒ අයගේ ඉන්ද්‍රියන් වැඩ නොකිරීමේ ප‍්‍රශ්නයක් තමයි අද මේ අයට මේ තියෙන්නේ. අපි සියලූම දේශපාලන ප‍්‍රශ්න මහපාරෙදී කතා කරනවා, විසඳගන්නවා අද මෙතනදී කතා කළේ ආර්ථික ප‍්‍රශ්න විතරයි.

මෙහිදී අදහස් දැක්වූ මුදල් ඇමැති මංගල සමරවීර මහතා- අගමැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් විපක්ෂයේ නියෝජිත කණ්ඩායම අපි අද හමුවෙලා පාස්කු ප‍්‍රහාරයෙන් අපහසුතාවට පත්වූ පාර්ශ්වවලට ලබාදුන් ඒ සහන පැකේජ ගැන සාකච්ඡුා කළා. සංචාරක ව්‍යාපාරයට තමයි විශාලම බලපෑම වුණේ. ඒ අයට ලබාදුන් සහන සහ ඒ සංචාරක ව්‍යාපාරයේ නිරත වූ කුඩා පරිමාණයේ සංචාරක පොඞ්ඩන්ට එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ ජුනි මාසේ 10දා සිට ඒ ලබාදෙන සහන ගැන කතා කළා. ඒ වගේම පෞද්ගලික බස් කර්මාන්තයට, තොරණ නිර්මාණකරුවන්ට, චිත‍්‍ර ශිල්පීන්ට, විරිදුකරුවන්ට පවා ඒ සහන ලබා දෙනවා. බෑන්ඞ් කණ්ඩායම්වලට පවා සහන ලබා දෙනවා. ඒ සහන පැකේජය ගැන මම ලබන බ‍්‍රහස්පතින්දාට විශේෂ ප‍්‍රකාශයක් කරනවා. විපක්ෂය සමග අපි හො`ද සාකච්ඡුාවක් කළා. 

රජය ලෙස අපි සතුටු වෙනවා අයිඑස් තර්ජනය ලෝකයේ රටවල් අතරින් ඉතා කෙටි කාලයකින් අපි රටෙන් තුරන් කරලා තිබෙනවා. අද අපිට තිබෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය අයිඑස් අන්තවාදී තර්ජනය නොවෙයි අන්තවාදී කොටස් නැවතත් රට තුළ කළු ජූලියක් ඇති කරන්න යනවා ඒක අපි නවත්වා ගත යුතුයි. මේ ගැන මම කිව්වාම ඒක විපක්ෂ නායකතුමාත් ඉහළින්ම පිළිගත්තා.

ඒ අන්තවාදයට ආණ්ඩුකාරවරුනුත් සහය දෙනවාද? 

ආණ්ඩුකාරවරුන් ඒකට ඇතුළත් වෙන්නේ ඒ අය ඔප්පු කර හැකි ක‍්‍රියා කරලා තිබෙන ආකාරයටයි. ඒත් මම මේ කියන අන්තවාදය කි‍්‍රයාවෙන් විතරක් නොවෙයි ඒ අය විනාඩියෙන් විනාඩිය අන්තවාදීන් ලෙස වචනයෙන් පවා ඔප්පු කරලා පෙන්නනවා. ඒ නිසා මේවා පටලවාගන්න එපා.

මෙහිදී කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද අදහස් දැක්වීය.

මෙම විශේෂ සාකච්ඡුාව සඳහා මහබැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම්, අගමැති ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.

අකිත පෙරේරා





gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook