Featured News

Video Gossip

Advertisement

ගංගු රොෂානා කියන්නේ කාලයක් රසික හදවත් ආදරයෙන් වැළඳගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒත් අද ඒ ආදරේ කරපු අයම ගංගුට බණින්නට පටන් අරන්. ඒ ඇයි කියලා හරියටම දැනගන්න හිතාගෙන අපි ගංගුට කතා කළා. මේ දවස්වල හුඟක් අය ගංගුට බණිනවා කියලා ආරංචියි? ඒ කතාව ඇත්ත. ගොඩක් අය දැන් මට බණිනවා. ඒත් ඉතින් මම වරදක් කරලා නම් නැහැ. මොනවා කරන්නද? ආදරේ කරපු අය බැන්නට මම තරහා ගන්නේ නැහැ.

ඒ අය එහෙම බණින්නේ ඇයි කියලා ඔබ දන්නවාද? මම ඒකට හේතුව සොයා ගත්තා. මේ දවස්වල මම හිරු ටී.වී. එකෙන් විකාශය වෙන “ආදරෙයි මම ආදරෙයි“ කියන හින්දි ටෙලි නාට්‍යයේ “තනු” කියන දුෂ්ට චරිතයට හඬ කවනවා. ප්‍රේක්ෂකයෝ මේ චරිතයට කොහොමත්ම කැමති නැහැ. ඒ නිසා එයාලා මටත් බණිනවා. ඔබ රංගනයට සමුදීලද හඬ කැවීම තෝරාගත්තේ? නැහැ. මම රංගනය අතහැරලා නැහැ. නිළියක් විදියට වගේම හඬ කැවීම් ක්ෂේත්‍රය තුළිනුත් යම්කිසි දක්ෂතාවක් පෙන්වීමට හැකිවීම වාසනාවක් කියලා මට හිතනවා.

මේක ඔබේ මුල්ම හඬ කැවීම නේද? නැහැ. මීට කලින් මම ‍පොඩි ‍පොඩි චරිත වෙනුවෙන් හඬ කැවීමේ යෙදිලා තියෙනවා. ඒත් මේ වගේ ප්‍රධාන චරිතයක් කරලා නැහැ. ඒ නිසා ඒක මට අලුත් අත්දැකීමක්. හඬ කැවීමට වැඩිපුර හිත ගිහින් ඔබ රංගනයෙන් ඈත්වේවිද? එහෙම වෙන එකක් නැහැ. කලාකාරිනියක් විදියට මුළු ජීවිත කාලයම ක්ෂේත්‍රයේ ඉන්නයි මට ඕනේ. මොකද මම මෙතැනට ආවේ බොහොම ළාබාල වයසේදීයි. ඒ වයසෙදී වෙන කිසිම දෙයක් ගැන හිතන්න මට තේරුමක් තිබුණේ නැහැ. ඒ නිසා සාමාන්‍ය යුවතියකගේ සිතේ තිබෙන හැඟීම් බොහොමයක් මගේ සිතට නොදැනුණු තරම්. ඒ තරමටම මම ජීවත් වුණේ රංගනයත් එක්කයි. ඉතින් ඒ නිසා මම රංගනය අතහරින්න කොහොමද? මගේ පවු‍ලේ අය පවා මේක මහ නිශ්ඵල දෙයක් කියද්දී මම කලාවේ රැඳිලා හිටියේ මම කලාවට ගොඩක් ආදරේ කරන නිසයි.

යුවතියකගේ සිතේ ඇතිවෙන හැඟුමන් රංගනය නිසා නොදැනුනා කියන දෙයින් ඔබ කියන්නට උත්සාහ කළේ ප්‍රේමය ගැනද? ඔව්. මම උස් මහත් වෙන්නේ මේ කලාව ඇතුළෙයි. මගේ තාරුණ්‍යය ගෙවිලා ගියේ මේ කලා ලෝකයේ. ඒ දවස්වල පාස‍ලේදී පිරිමි ළමයි ගැන පවා මට විශේෂ හැඟීමක් ඇතිවුණේ නැහැ. හැමෝම කතා කරන ජනප්‍රිය චරිතයක් වෙලා හිටියත් මම අදටත් ආදරේ කියන දේ සීරියස් විදියට අරගෙන නැහැ. දැන් යුග දිවියට ඇතුළත් වෙන්න කාලය හරි කියලා හිතෙන්නේ නැද්ද? විවාහය කියන එකට සූදානමක් තියෙන්න ඕනේ. ඒත් අපේ රටේ දකින සම්ප්‍රදායක බිරිඳක් වෙන්න මට කිසිම වුවමනාවක් නැහැ. මම විවාහයක් ගැන තවම නොසිතන්නේ ඒ නිසා කියලයි මට හිතෙන්නේ.

තමාරා කල්හාරි




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements