Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ ලෝකයේම අවධානය යළි අයි.එස්. ත්‍රස්තයන් වෙත යොමු වී ඇත.
ඒ ගෝලීය වශයෙන් අයි.එස්. ත්‍රස්තවාදය ව්‍යාප්ත වන බව හඳුනාගත් නිසාවෙනි. අප්‍රේල් 21න් පසුව මෙරටට විදෙස් ඔත්තු සේවාවන් නිල වශයෙන් ඇතුළු වන්නේත් මේ කියන තර්ජනය ගැන සෙවීමටය.
සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ ප්‍රබලම චරිත වූ ඉබ්‍රාහිම් අයියා - මලෝ සිටි දෙමටගොඩ නිවෙස ඇමෙරිකානු එෆ්.බී.අයි., ඉන්ටර්පෝල් ඇතුළු පොලිස් කණ්ඩායම්වල දැඩි පරීක්‍ෂාවට ලක්වූයේ මෙවන් මොහොතකදීය. එහිදී විදෙස් පොලිස් කණ්ඩායම් දින තුනක් තිස්සේ දෙමටගොඩ නිවෙස පීරූහ. ලිපි ලේඛන සොයා නිවෙස පීරුවේ ඔවුනට අවශ්‍ය වන්නේ සහරාන්ගේත්, ඉබ්‍රාහිම්ලාගේත් ජාත්‍යන්තර සබඳතා ගැන සොයා යෑමට නිසාය. අයි.එස්. ත්‍රස්තයන්ගෙන් තම රටට ඇති තර්ජනය ගැන සොයා විදෙස් බුද්ධි සේවාවන් අයි.එස්. ප්‍රහාරකයන්ගේ නිවෙස් පීරූහ.
මෙවැනි විදෙස් විමර්ශනයක් යන අතරේ අයි.එස්. ත්‍රස්තයන්ට ඇති පාතාල සබඳතා ගැනද අවධානය යොමු වූයේය. මෙරටින් පැන ඩුබායිහි සැඟ වී සිටින පාතාල කණ්ඩායම් අයි.එස්. ත්‍රස්තයන් සමඟ එක්වී කටයුතු කළ බව අනාවරණය වන්නේ මත්කුඩු ජාවාරම ගැන දැනට කෙරෙන විමර්ශන ඔස්සේය. පාකිස්තාන්, ඉරාන්, ඇෆ්ගන් මත්කුඩු ජාලය හා ඩුබායිහි සිටින ශ්‍රී  ලංකා පාතාලයන් අතර ත්‍රස්ත සබඳතා ඇති බව මෑත කාලයේ සිදුකළ විමර්ශනවලදී තහවුරු වූයේය.
විශේෂයෙන් ඩුබායිහිදී කොටු වූ මාකඳුරේ මධුෂ් ලංකාවට ගෙන ආ පසුව සී.අයි.ඩී. භාරයට පත්කළද දැන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙනම පරීක්‍ෂණයක් අරඹා ඇත්තේ මධුෂ් ඇතුළු ඩුබායි පාතාලය ජාත්‍යන්තර මත්කුඩු ජාලයට සම්බන්ධ වන ආකාරය ගැන සොයන්නටය.
අයි.එස්. ත්‍රස්තයන් හා මෙම ජාත්‍යන්තර කුඩු මෝරුන් අතර ඇති සෘජු සබඳතා ගැන අනාවරණය වන්නේ එවැනි විමර්ශනයකදීය. ලංකාවට පාතාල ක්‍රියා සඳහා නවීන අවිආයුධ පවා එන්නේ කුඩු ගෙන එන ඉරාන් නෞකාවලින් බව මීට පෙර අසුවූ ඉරාන් කුඩු නැව්වල සිටි ජාවාරමුන් හෙළි කළේය.
ඇෆ්ගන්, ඉරාන් සබඳතාව මත මාකඳුරේ මධුෂ්ට මෙන්ම කොස්ගොඩ සුජීට මෙරට ආරක්‍ෂක අංශවලටත් නොමැති එම්-35 නවීන අවි, රොකට් ලෝන්චර් පවා ගෙන එන සූදානමක් හෙළි වන්නේද මෙවැනි වාතාවරණයකය.
ඩුබායිවලට පැන සිටි කොස්ගොඩ පොඩි සුජී නොහොත් ජගමුනි සුජීව ද සොයිසා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ජාලය හා සබඳතා පවත්වමින් හෙරොයින් ගෙන එන අතරේ නවීන අවි ආයුධ ගෙන්වූ වගද දැනට කෙරෙන විමර්ශනවලින් තහවුරු වෙමින් ඇත.
ඩුබායිවල සැඟ වී සිටි කොස්ගොඩ සුජීට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මඟින් ජාත්‍යන්තර රතු වරෙන්තු පවා නිකුත් කළේ පසුගිය අවුරුද්දේය.
ද්විත්ව ඝාතන තුනක් ඇතුළු  මිනිස් ඝාතන දහසයක් හා කප්පම් ගැනීම්, කුඩු ජාවාරම් ඇතුළු විවිධ ගණයේ අපරාධ රැසකට කොස්ගොඩ සුජී සම්බන්ධ බවට හෙළි වන්නේ පොලිස් වාර්තා අනුවය.
අම්බලන්ගොඩ වසන්තා ජුවලර්ස් ආයතනය 2007 ජනවාරි 18දා කොල්ලකා රුපියල් කෝටි දෙකක පමණ රන් අභරණ හා මුදල් පැහැරගෙන යන අතරේ එය නැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනකුද වෙඩි තබා ඝාතනය කළහ.
බන්දුල ගුණසේකර, වැලිගමගේ උපුල් ශාන්ත යන පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ත්‍රිරෝද රථ රියැදුරකු ඝාතනයට උත්සාහ කිරීම මත බළපිටිය අධිකරණයේ නඩු අංක 933334 යටතේ නඩු පවරා ඇත.
ජගමුනි සුජීව ද සොයිසා නොහොත් කොස්ගොඩ සුජී, දමිත් දර්ශන ද සිල්වා නොහොත් පොඩි සුදුවා, අනිල් ලිවේරා, රවින්ද්‍ර කරුණාතිලක, චානක දුලාන් ද සිල්වා, චතුරංග ගයාෂාන් සිල්වා, ඉන්දික ප්‍රසන්න මෙම අපරාධයට සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත් වූවන්ය. 
එවකට ඇල්පිටිය පොලිස් අධිකාරිව සිටි බෙන්ජා යන කෙටි නමින් හැඳින් වූ පොලිස් ලොක්කාට මරුටි මෝටර් රථයක් තුටු පඬුරු ලෙස දී පොලිස් විමර්ශනවලින් ගැලවෙන්නට කොස්ගොඩ සුජියා සමත් විය. ත්‍රස්ත කල්ලියේ චතුරංග, ඉන්දික, චානක හා රවීන්ද්‍ර පොලිස් වෙඩි පහර කා මියැදුණහ. 
අම්බලන්ගොඩ වසන්තා ජුවර්ස් කොල්ලකන්නට පෙර සුජියාගේ මෙම කල්ලියම 2006 ඔක්තෝබර් 19දා ගාන්ධිමති ගෝල්ඩ් හවුස් කොල්ල කෑහ. එහිදී ලක්‍ෂ හැටහතක රන් ආභරණ හා මුදල් කොල්ලකෑම සම්බන්ධව බළපිටිය උසාවියේ 91761 යටතේ නඩු පවරා තිබුණේය. 
වසන්තා ජුවලරි ආයතනය කොල්ල කන්නට පෙර කොස්ගොඩ සුජීගේ මෙම කල්ලිය අම්බලන්ගොඩ, ආ¼දා‍ෙදාල වෙළෙඳසලකට ආයුධ සන්නද්ධව ඇතුළු වී කළ කොල්ලයක් ගැන බළපිටිය උසාවියේ නඩු අංක 93112 යටතේ නඩු පවරා ඇත. 
එම මාසයේම අම්බලන්ගොඩ වතුගෙදර පියල් බටුවන්ගල යන අයගේ වෙළෙඳසලකට ආයුධ සන්නද්ධව කඩාවැදී රන් ආභරණ කොල්ලකෑමක් ගැන බළපිටිය උසාවියේ නඩු අංක 93212 යටතේ අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 
කොල්ලකෑම්වලින් හිස එස වූ කොස්ගොඩ සුජිගේ කල්ලිය වසන්තා ජුවලර්ස් කොල්ලයේදී සිදුවූ ද්විත්ව ඝාතනයට පෙර තවත් ද්විත්ව ඝාතනයක් කර තිබුණේ කොස්ගොඩ පොලිස් වසමේදීය. හිද්දාදුර රුක්මන් සොයිසා හා හිද්දාදුර කිරුල ද සොයිසා 2006 අගෝස්තු 25 වෙඩි තබා ඝාතනය කළහ. එම ඝාතනය කරන්නේ කොස්ගොඩ සුජී හා ලසන්ත පද්මලාල් හෙවත් රණා යන දෙදෙනාය. බළපිටිය මහෙස්ත්‍රාත් උසාවියේ 90629 දරන නඩු අංකය යටතේ නඩු පවරන්නේ කොස්ගොඩ පොලිසියෙන්ය. 
කොස්ගොඩ පොලිසිය බළපිටිය උසාවියට වාර්තා කළ කොස්ගොඩ සුජීට එරෙහි අපරාධ රැල්ලට මහඉඳුරුව අරුණ සමරසිංහ යන අය 2007 අගෝස්තු 08දා කොල්ලකෑම, කොස්ගොඩ, වරකාමුල්ල හෂිකා දිල්හානි යන අය 2008 ජනවාරි 20 කොල්ලකෑම, උෟරගස්මංහන්දියේ විජිත දයානන්ද 2007 නොවැම්බර් 14දා කොල්ලකෑම, ඉඳුරුව, ගල්බඩ අමල් ප්‍රදීප් යන අය 2007 මැයි 28දා කොල්ලකෑම, 2007 ජුනි 02දා කොස්ගොඩ, විමාන ස්ටෝර්ස්හි පද්මිනි විතාන යන අය කොල්ලකෑම යන කොල්ලකෑම් ඇතුළත්ය. 
උෟරගස්මංහන්දිය පොලිසිය ඇල්පිටිය මහෙස්ත්‍රාත් උසාවියට සුජීට එරෙහිව ගොනුකර ඇති අපරාධ අතරට දමිත චාමින්ද ප්‍රනාන්දු යන අයගේ මීගස්පිටියේ වූ ප්‍රයිම් කලෙක්ෂන් ඇඟලුම් ආයතනය කොල්ලකෑම සම්බන්ධ ඇල්පිටිය උසාවියේ නඩු පවරා ඇත්තේ 49461 නඩු අංකය යටතේය. 
අජිත් කුමාර රණසිංහ යන අය වෙඩි තබා ඝාතනය කිරීමට ඇල්පිටිය මහෙස්ත්‍රාත් උසාවියේ 66675 යටතේ නඩු පවරා ඇත්තේද උෟරගස්මංහන්දිය පොලිසියෙන්ය. 2010 වසරේ ඔක්තෝබර් 10දා සිදුකළ එම ඝාතනයට කොස්ගොඩ සුජී සමඟ උක්වත්ත ලියනගේ ධම්මික, ප්‍රසන්න සිරිනන්ද, බන්දුල කුමාර, සංජීව පුෂ්පකුමාර, ප්‍රදීප් කුමාර, සරත් කුමාර යන පාතාල සගයන් එක්වී ඇත. 
අම්බලන්ගොඩ කැලඹූ තවත් ඝාතනයක් වන්නේ අම්බලන්ගොඩ මානිමුල්ලේ මාදුවගේ යසරත්න නමැති ව්‍යාපාරිකයා 2011 ජනවාරි 04දා ඝාතනය කිරීමය. කොස්ගොඩ සුජී සමඟ ප්‍රදීප් කුමාර, නිලන්ත විජේන්ද්‍ර යන අපරාධකරුවන්ට එරෙහිව බළපිටිය උසාවියේ 33968 යටතේ නඩු පවරා ඇත. 
අම්බලන්ගොඩ වසන්තා ජුවලර්ස් කොල්ලයේදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයට 2008 අප්‍රේල් 27දා මැදවච්චිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් කොස්ගොඩ සුජී හට අධිකරණයෙන් ඇප ලැබෙන්නේ ඇල්පිටිය පොලිස් ලොක්කා සුජියා ගැලවෙන්නට කළ විමර්ශන නිසාය. 
එම ඝාතනයට ඇප ලබා පැමිණ මාදුවගේ යසරත්න නමැති ව්‍යාපාරිකයා ඝාතනය කරන්නේ සුජියා ලබාගත් ඝාතන කොන්ත්‍රාත්තුවකටය. 
මැදවච්චිය පොලිසියට කොටුවන්නට පෙර කොස්ගොඩ සුජී රණා හා චමිල දීපාල් යන පාතාලයන් සමඟ අහුංගල්ල පොලිස් වසමේදී අරුමාදුර පී්‍රති කුමාර ද සිල්වා යන අය ඝාතනය කර නීල් ප්‍රසන්න යන අයට වෙඩි තබා ඝාතනයට තැත් කළහ. ඒ 2008 පෙබරවාරි 22දාය. එම ඝාතනයට සම්බන්ධ බළපිටිය උසාවියේ නඩු පවරන්නේ අංක 2327/08 යටතේය.   

උෟරගස්මංහන්දිය පොලිස් වසමේදී අජිත් කුමාර රණසිංහ යන අය කොස්ගොඩ සුජී වෙඩි තබා ඝාතනය කරන්නේ ඇල්පිටියේ මයිකල්, සංජීව, බන්දුල කුමාර, ප්‍රසන්න සිරිනන්ද, ලියනගේ දම්මික, ප්‍රදීප් කුමාර සරත් කුමාර යන කණ්ඩායම එක් කරගෙනය. ඇල්පිටිය මහෙස්ත්‍රාත් උසාවියේ නඩු අංක 66675 යටතේ එම නඩුව විභාග වන්නේය.
අහුන්ගල්ල පොලිස් වසමේදී ඉන්දුවාදුර දිනේෂ්ද සිල්වා යන අය වෙඩි තබා ඝාතනය කරන්නේ 2012 සැප්තැම්බර් 03දාය. ඒ සම්බන්ධව බළපිටිය උසාවියේ නඩු අංක 52117/12 අනුව කොස්ගොඩ සුජී, සංජීව පුෂ්පකුමාර, සරත් කුමාර, ජයවර්ධන, ප්‍රදීප් කුමාර ජයවර්ධන යන තිදෙනාත් අනුබල දී ඇත. 
කලින් කල මිනිස් ඝාතනවල සාක්ෂිකරුවන් බිය වද්දවා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අධිකරණයෙන් ඇප ලබාගත් කොස්ගොඩ සුජී යළි කොටුවන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙතය. ඒ 2012 සැප්තැම්බර් 22 දාය. 
එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම හා එල්.ටී.ටී.ඊ. අවි ආයුධවලින් මිනිස් ඝාතන හා කොල්ලකෑම් සිදුකිරීමේ චෝදනාවට කොස්ගොඩ සුජී ඒ මොහොතේ අත්අඩංගුවට ගැනිණි. ඒ වනවිටත් කොස්ගොඩ සුජීගේ කල්ලියට මයිකේ‍රා් පිස්තෝල වැනි කොටි ත්‍රස්තයන් භාවිත කරන අවි ආයුධ රැසක් හිමි වී තිබිණි. 
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය රඳවා ගැනීම් නියෝග ලබාගනිමින් කොස්ගොඩ සුජී රඳවා ගත් පසු එම කල්ලියේ සුජිත් ප්‍රසංග නොහොත් ඇන්ටන්, නිර්මල සොයිසා නොහොත් නිස්මි, විරාජ් මෙන්ඩිස්, සම්පත් රවින්ද්‍ර, කිංස්ලිද සිල්වා, ධනුෂ්ක සම්පත්, චමින්ද තුෂාර, නඳුන් ප්‍රදීප්, සුජිත්ද සොයිසා, ප්‍රදීප් කුෂාන්ත යන අපරාධකරුවන් රැසක් කොටු කරගත්හ. 
බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණි කොස්ගොඩ සුජීගේ විවාහයට අස්සන් තබන්නේද වත්මන් රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් දැරූ අයෙකි. තවදුරටත් ලංකාවේ රැඳී සිටීමේ අවදානම තේරුම්ගත් කොස්ගොඩ සුජී රොෂාන් පද්ම කුමාර යන අයගේ අංක 881562596ම දරන ජාතික හැඳුනුම්පත යොදාගෙන 5523373 දරන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය හොරෙන් සකස් කරන්නේ ඩුබායිවලට පැනගැනීමටය. එම ව්‍යාජ ගුවන් බලපත්‍රයෙන් 2016 පෙබරවාරි 14දා ඩුබායි බලාගොස් එතැන් සිට තවත් අපරාධ රැල්ලක් මෙහෙයවන්නේය. 
ඩුබායිවලට ගිය කොස්ගොඩ සුජී ඩුබායි සිට කොන්ත්‍රාත් මිනිස් ඝාතන, කප්පම් ගැනීම් මෙන්ම හෙරොයින් ජාවාරමද මහා පරිමාණයෙන් ව්‍යාප්ත කරන්නේ තම කල්ලියේ බලය රටපුරා ව්‍යාප්ත කරමින්ය. 
බළපිටිය අධිකරණය ඉදිරිපිටදී ........... ආරච්චිගේ පියරත්න, රසික චමින්ද යන අය ඝාතනය කරවන්නේ 2016 පෙබරවාරි 16දාය. එම ඝාතනයෙන් පසු මාදුවගේ සරත් නිමල් නමැති අරලිය විලා හෝටලයේ හිමිකරු ඝාතනය කරන්නේ 2016 ජූලි 18දාය. 2016 සැප්තැම්බර් 28 දේවමුණි චම්පිකා සඳමාලි යන අයව ඝාතනය වන්නේ වැලිපැන්න පොලිස් වසමේදීය. එම ප්‍රහාරයෙන් රත්නසිරි සිල්වා, හිරුණ නිමන්ත, ප්‍රබෝධා නයනි යන අය තුවාල ලදහ. 
මෙම ඝාතන ඩුබායි සිට කොස්ගොඩ සුජී විසින් තම ගෝලයන් වූ සුමුදු ප්‍රියංකර හා අමිල දුෂාන්ත, ස්ටැන්ලි කෙනඩි යන අය යොදාගෙන සිදුකර තිබුණේය. 
යළිත් හික්කඩුව පොලිස් වසමේදී සජිත්, නිමල්, කුෂාන් ධනුද්දර යන දෙදෙනා වෙඩිතබා ද්විත්ව ඝාතනයක් කරන්නේ 2017 මැයි 23 දාය. වසන්ත හෙවත් රණා, සනත් සිල්වා යන ඝාතකයන් මේ සඳහා කොස්ගොඩ සුජී විසින් යොදාගෙන තිබිණි. මනුෂ්‍ය ඝාතන දාසයක් කොස්ගොඩ සුජීගේ ඝාතන ලැයිස්තුවේ සඳහන්ය. ඒ අධිකරණයට කරුණු වාර්තා කළ ඒවා පමණය. 
මෙවැනි මිනිස් ඝාතන රැල්ලක් කළ කොස්ගොඩ සුජී එල්.ටී.ටී.ඊ. වෙඩික්කරුවන් පවා තම ඝාතන රැල්ලට යොදාගත්තේ පළමු  වරටය. ස්ටැන්ලි කෙනඩි නමැති කොටි වෙඩික්කරු එස්.ටී.එෆ්. බුද්ධි අංශයට කොටුවනතුරුම එම අබිරහස් ඝාතකයා ගැන හෙළි නොවීය. 
එල්.ටී.ටී.ඊ. වෙඩික්කරුවන් යොදාගනිමින් ඝාතන රැල්ලක් කළ කොස්ගොඩ සුජී දැන් අයි.එස්. ත්‍රස්තයන් සමඟ හෙරොයින් හා අවි ආයුධ ජාවාරම් සිදුකළ බවටද හෙළිවෙමින් ඇත. ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර ඇති කොස්ගොඩ සුජී වහාම අත්අඩංගුවට ගතහොත් මේ රහස් සියල්ල රටට හෙළිකරගත හැකිය. 
එල්.ටී.ටී.ඊ. පාතාලය හා අයි.එස්. ත්‍රස්ත සංවිධාන එකට එකතු වී අනාගතයේ මෙරටට මෙන්ම ලෝකයටම තර්ජනයක් විය හැකි නිසා මෙම තර්ජනය හඳුනාගෙන මෙවැන්නන් කොටු කිරීමට ජාත්‍යන්තරයේද සහාය ලබාදිය යුතුව ඇත. 
සුජී, කුඩු මොරිල් සමඟ එක්ව ජාත්‍යන්තර මත්කුඩු ජාලයේ ප්‍රබලයකු ලෙස ක්‍රියාකළ හලාවත සමන් දැන් ඩුබාහිදී කොටුවී ඇත. හලාවත සමන් මෙරටට පිටුවහල් කළ පසු තවත් රහස් රැසක් හෙළිකරගත හැකිය. 
පුබුදු වික්‍රමතිලක
mawbima

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook