Advertisement

ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ පාස්කු ප‍්‍රහාරයෙන් පසු ඔහුගේ ඉන්දීය සගයා වූ මොහොමඞ් අසරුදින් ප‍්‍රමුඛ අයිසිස් ක‍්‍රියාකාරීන් තුන්දෙනකු තමිල්නඩුවේ සහ කේරලයේ සිදුකිරීමට සැලසුම් කළ ත‍්‍රස්ත ප‍්‍රහාර ඉන්දීය රහස් ඔත්තු සේවා කාර්යාලය විසින් ව්‍යර්ථ කර ඇත.

කොයිම්බටෝර් ප‍්‍රදේශයේ සැඟවී සිටි සහරාන් හෂීම්ගේ සගයා වූ මොහොමඞ් අසරුදින් ප‍්‍රමුඛ පස්දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම ප‍්‍රහාර සැලසුම් හෙළිවිය. සහරාන් හෂීම් සහ මෙම ඉන්දීය පිරිස කාලිජා ජීඑම්එම් නම්වූ ෆේස්බුක් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ ඔස්සේ සබඳකම් පවත්වා ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක‍්‍රම් සින්ද්‍රා” ෂෙයික් හිදියාතුල්ලා” එම්. අබුබකර්” සදාම් හුසේන් සහ ඉබ‍්‍රාහිම් ෂාප් යන අයිඑස්අයිඑස් ක‍්‍රියාකාරීන්ය.

මෙම පිරිස ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කිරීම සඳහා තරුණයන් බඳවා ගැනීමට ක‍්‍රියාකර ඇති බව පරීක්ෂණවලින් හෙළිවී ඇත’ සහරාන් හෂීම්ගේ ඉන්දීය සගයා ප‍්‍රමුඛ අයි’එස්’අයි’එස්’ කල්ලිය ගැන ජාතික රහස් තොරතුරු කාර්යාංශයට තොරතුරු සොයාගැනීමට හැකිවී ඇත්තේ ඔහුගේ දුරකථන දත්ත වලිනි’

කීර්ති වර්ණකුලසූරිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements