Featured News

Video Gossip

Advertisement

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු‍ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා ඊ‌යේ (13) පැමිණි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා මෙහිදී සාක්ෂි ලබා දෙමින් පවසා සිටියේ, 2015 ජනාධිපතිවරණයේ දී තමා මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දුන් බවත් සහරාන් සම්පූර්ණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබා දුන් බවත් ය.

2015 දී පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා අවසන් වු විට සහරාන් ඔහුගේ කාර්යලයට ආරාධනා කළ බවත් පසුව ඡන්ද ලබා ගැනීමට අවැසි නිසා ඔහුගේ කොන්දේසිවලට එකඟතාවය දැක්වු බවත් පැවසු හිස්බුල්ලා මහතා පසුව එම කොන්දේසි කඩ වීම හේතුවෙන් තමා සමඟ සහරාන් විරසක වු බව ද කියා සිටියේය.

සහරාන් එවකට ජාතික තව්හිද් ජමාද් නැමති සංවිධානය පිහිටුවා ගනිමින් ආගමික මතවාදයෙක් ලෙස කටයුතු කර බවත්, ඔහු ඒ කාලේ ත්‍රස්ථවාදියෙක් නොවන බවත් හිස්බුල්ලා මහතා සඳහන් කර සිටියේ සහරාන් තමන් සමග විරසකව සිටි නිසා මුස්ලිම් කොංග්‍රසයට තමාගේ ඡන්දය ගිය බවත් එහිදි තමා පැරදු බවත් සහරාන් එය සිදු කළ බවත් හිස්බුල්ලා මහතා වැඩිදුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements