මේ දිනවල ප්‍රභල මාතෘකාවක් වී ඇති ජනපති අපේක්ෂකයා ගැන විවිධ ආරංචි පැමිණෙමින් පවතී.
නමුත් යම් යම් ආරංචි මාර්ග පවසන ආකාරයට පාදුජන ශ්‍රී ලංකා පාදුජන පෙරමුණෙහි ජනපති අපේක්ෂකයා බොහෝවිට බැසිල් රාජපක්ෂ මහතා විය හැකි බව පැවසෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් යහපත් ශරීර සෞඛ්‍ය තත්වයකින් නොමැතිවීම එයට හේතුව බව පැවසේ.
පළිගුවෙන් සජිත්?
මේ අතර එජාපය ඇතුළු පක්ෂ කිහිපයක් එකතුවෙම්න් නිර්මාණය කර ගනු ලබන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නැමැති සන්ධානයෙහි පොදු අපේක්ෂකයා ලෙස සජිත් පේමදාස මහතා පලිගුව ලකුණෙන් ඉදිරිපත් වීමට ඉඩ කඩ ඇති බව පැවසෙයි.
නායක රනිල්, ලේකම් රාජිත, චම්පිකත් ලොකු තැනකට.
ගොඩනගන නව සන්ධානයේ නායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට නියමිත බව එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
එසේම, මෙම සන්ධානය ගොඩනැගීමට නිල දේශපාලන පක්ෂය සොයා ගනිමින් විශාල කාර්යභාරයක් ඉටුකළ අමාත්‍ය රාජිත සේනාරත්නට ලේකම් ධුරය ලබාදිය යුතු බවටත්, ජාතික සංවිධායක ධුරයට රවී කරුණානායක, චම්පික රණවක අමාත්‍යවරුන් දෙදෙනාගෙන් අයකු හෝ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පත්කළ යුතු බවටත් එජාප නායකයා වෙත යෝජනා ඉදිරිපත්ව ඇතැයි ද එම ආරංචිමාර්ග කියා සිටියි.
නව සන්ධානයේ සභාපති ධුරය සහ උප සභාපති ධුර හා උප ලේකම් ධුර බහුතරය එජාපය වෙතත් අනෙකුත් පක්ෂ නායකයින්ට ද එවැනි තනතුරු ලබාදීමටත් මේවනවිට සාකච්ජාවට ලක්ව ඇත.
මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් දැනට පිළිගෙන ඇති ලියාපදිංචි දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාව සංශෝධනය කරමින් මෙම අලුත් දේශපාලන පක්ෂය ස්ථාපිත කිරීමට නියමිතව ඇති අතර එහිදී අදාළ දේශපාලන පක්ෂයේ අයිතිකරුට නව සන්ධානයේ ප්‍රධාන තනතුරක් හා ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබාදීමට එජාප නායකත්වය එකඟතාව පළකර ඇතැයි ද පැවසේ.
අගමැති රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදය යටතේ නව පෙරමුණට අදාල එවැනි නිල කටයුතු සම්බන්ධිකරණය සිදුකර ඇත්තේ රාජිත සේනාරත්න හා රවී කරුණානායක යන අමාත්‍යවරුන් දෙදෙනාය.
ජනප්‍රිය අපේක්ෂකයා තේරීම !
කරු ජයසුරිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කරන යෝජනාව සම්බන්ධයෙන් එජාප පසුපෙළ මන්ත්‍රීවරයකු ගෙන් 'ද ලීඩර්' කළ විමසීමේදී ඔහු කියා සිටියේ, එක් තීරණාත්මක අවස්ථාවකදී පක්ෂය හැරගොස් පක්ෂයට එරෙහිව කටයුතු කළ කරු ජයසුරිය කෙරෙහි පාක්ෂිකයින් තුල මේවනවිටත් කිසියම් අප්‍රසාදයක් පවතින බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කියා සිටියේය.
''ඇත්තටම අපි කව්රුවත් රනිල් වික්‍රමසිංහ නායකතුමාටවත් කරු ජයසුරිය කතානායකතුමටවත් විරුද්ධ නැහැ.. විශේෂයෙන් ඉදිරි දැක්මක් තියන එකම නායකයා රනිල් මහත්තයා. හැමවිටම පක්ෂය ආරක්ෂාකළ නායකයා එතුමා. එත් මන්ත්‍රී කණ්ඩායමේ ඇති බහුතරයක් හිතන්නේ මේ අවස්ථාවේ ජයග්‍රහණයක් ගැන හිතන්න අපට ඉන්න හොඳම අපේක්ෂකයා සජිත් කියලා.
ඔය සිවිල් සංවිධාන කියන බාහිර ඡන්ද ගන්න ඉස්සෙල්ලා අපි අපේ කඳවුර ශක්තිමත් කළ යුතුයි. අපේ පාක්ෂිකයින් තුල ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිකල යුතුයි. මේ අවස්ථාවේ එක කරන්න පුළුවන් සජිත්ට විතරයි.
කෙසේවුවද එක්සත් ජාතික පක්ෂයට පිටින් මේ අවස්ථාවේදී නම් පිටින් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බවට පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පාහේ දැඩි තීන්දුවක් ගෙන ඇතැයි ද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
රනිල් සටන අතහැර නැහැ !
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇති බහුතරයක් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කර ඇතත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට රනිල් වික්‍රමසිංහ තවදුරටත් උත්සහ කරමින් සිටියි.
මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක ලෙස තරඟ වැදීමට අගමැති රනිල් වික්‍රමසිංහ කැමැත්තෙන් පසුවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති නවීන් දිසානායක පවසයි.
උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පැවසීය.
කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස සහ අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා දැනට සාකච්ඡා මට්ටමේ පවතින බවත් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්වී ඒ ගැන අවසන් තීන්දුව ගන්නා බවත් ඔහු එහිදී සඳහන් කළේය.
බිම් මට්ටමේ ඉල්ලා සිටින්නේ කවුදැයි සොයා බැලීම සඳහා සමීක්ෂණයක් මේ වන තෙක් සිදු කර නැති බවද ඔහු පැවසීය.