Advertisement


ජනාධිපති සිරිසේන එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොදු සන්ධානයක් ගොඩනගා ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයාට සහයදී මහ මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කළ යුතු බවට යෝජනාවක් ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සූදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට මේ මන්ත්‍රීවරුන්ගේ තක්සේරුව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කොටසක් සමඟ හෝ පොදුජන පෙරමුණ සමඟ දේශපාලන සන්ධානයක් බිහිකිරීම හරහා ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ජනාධිපති සිරිසේනට නොහැකි නම් මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම වඩාත් වැදගත් වන බවය.


මේ වන විට පොදුජන පෙරමුණ සමඟ පවත්වනු ලැබූ සාකච්ඡා වලදී ජනාධිපති ධූර අපේක්ෂකත්වය සිරිසේන ජනාධිපතිට ලබාදීම සම්බන්ධව එම පාර්ශවයේ බරපතල විරෝධයක් පවතින බවත් ඒ අනුව වඩාත් යෝග්‍ය වන්නේ පොදුජන පෙරමුණ සමඟ ඇතිකරගන්නා සන්ධානයක් හරහා අග්‍රාමාත්‍ය ධූරයවත් ලබාගැනීම බවත් ඔවුන්ගේ නිර්දේශය වී තිබෙන බවත් වාර්තා වෙයි.

තවද පොදුජන පෙරමුණ සමඟ සන්ධානයක් ඇතිකර ගන්නවා නම් එය ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර එනම් එළඹෙන අගෝස්තු 11 වනදාට පෙර ඇතිකර ගත යුතු බවත් නොඑසේනම් තමන් තවදුරටත් ජනාධිපති සිරිසේනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කිරීම සම්බන්ධව තීරණයක් ගැනීමට සිදුවන බව පක්ෂ නායකත්වයට දැන්වීමටද මේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බවත් දැනගන්නට ඇත.

ශ්‍රී ලනිප මන්ත්‍රී 8ක් පොහොට්ටු සාමාජිකත්වය ගැනීමට සූදානම් !

මේ අතර වැඩිදුරටත් ලැබෙන දේශපාලන ආරංචිමාර්ග අනුව දැනට ජනාධිපති සිරිසේන සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනා අතුරින් 8 දෙනෙකු එළඹෙන අගෝස්තු 11 වනදා ට නියමිත පොදුජන පෙරමුණ සම්මේලනයේදී පොහොට්ටු සාමාජිකත්වය ලබා ගැනීමේ සූදානමක් පවතියි.

ඔවුන් මේ වන විටත් පොහොට්ටු සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කර ඇති බවත් වාර්තා වන අතර එම 8 දෙනා සඳහා ආසන සංවිධායක ධුර සහ එක් අයෙකුට දිස්ත්‍රික් නායක ධුරයක් ලබාදීමට පොහොට්ටු පාර්ශවය එකඟව ඇති බවත් දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආසන සංවිධායකවරුන් 24 දෙනෙක් එම පක්ෂයෙන් ඉවත්ව වෙනත් දේශපාලන පක්ෂ සමග එක්වීමට තීරණය කර ඇති බව සිරස රූපවාහිනිය විකාශනය කරන ලදී.

එම පක්ෂය විසින් සක්‍රීය කර ඇති බුද්ධි අංශයක් විසින් මෙම තොරතුරු සොයාගෙන ඇති බවද එම වාර්තාවේ කියැවින.

රංජිත් සියඹලාපිටිය, සරත් අමුණුගම, ශ්‍රියානි විජේවික්‍රම, ජගත් පුෂ්පකුමාර, නන්දිමිත්‍ර ඒකනායක පරාක්‍රම ආතාවුද සෙනෙවිරත්න, සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර, ජානක සූරියබණ්ඩාර, උපුල් පෙරේරා, හේමාල් ගුණසේකර, ගාමිණි තිලකසිරි යන අය මෙම ලැයිස්තුවේ ඇතැයිද සිරස රූපවාහිනිය කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම ලැයිස්තුව මේ වන තෙක් ජනාධිපතිවරයාට භාර දී නැති බවද ඔවුන් පැවසූහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements