Advertisement

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයෙන් තරඟ කිරීම වැලැක්වීම සඳහා එම පක්ෂයේ උප නායක රවී කරුණානායක ඇමතිවරයා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන චම්පික රණවක, රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා යන පක්ෂ නායකයින් තිදෙනා මේවනවිට වෙන වෙනම ප්‍රචාරක මෙහෙයුම් ආරම්භ කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සජිත්-රවී සටන කාලාන්තරයක් පුරා පැවති නමුත් සජිත් ප්‍රේමදාසට එරෙහිව මේවනවිට අවි අමෝරාගත් අනෙකුත් නායකයින් තිදෙනාම ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයින්වීමේ බලාපොරොත්තුවෙන් ප්‍රචාරක කටයුතු ආරම්භකර ඇති අයවලුන් වීම විශේෂිත කාරණයකි.

ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන ලෙස ඔවුන් තිදෙනාට වෙනවෙනම උපදෙස් දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

රනිල් ගෙන් 'ස්මාට්' ගේමක් !

මේවනවිටත් ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් ආරම්භකර ඇති එජාප නායකයාගේ ඉලක්කය වී ඇත්තේ ජනාධිපතිවරණයට තරඟ කිරීම නොව පක්ෂ නායකත්වය රඳවා ගනිමින් අගමැති ධුරය ලබාගැනීම බව ඔහුගේ සමිපතමයින්ගේ අදහසයි.

අගමැතිවරයාගේ ඇතැම් සමීපතමයින් රාත්‍රී සමාජ ශාලාවල දී කෙරෙන සංවාදවලදී පවසන්නේ, කරු ජයසුරිය හෝ සජිත් ප්‍රේමදාස යන එජාප නායකයින් ජනාධිපති අපේක්ෂකයින් ලෙස ලෙස ඉදිරිපත් නොකිරීමේ දැඩි තීරණයකට එළඹ සිටින අගමැතිවරයා, එක්සත් ජාතික පෙරමුණේ සිංහල බෞද්ධ නායකයින් වන චම්පික, රාජිත හා ෆොන්සේකාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම් වන්නැයි දැනුම් දී ඇත්තේ ඔවුන් සජිත්ගේ හෝ කරුගේ කඳවුර වෙත හේත්තුවීම වලක්වා ගැනීම සඳහා බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements