Advertisement

කන්ජිපානි ඉම්රාන් ‍රැදවුම් නියෝග මත අත් අඩංගුවේ පසුවන සැකකරුවෙකි. පසුගිය ජූලි 13 වැනිදාට ඔහුගේ උපන්දිනය යෙදුනේය. අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුව බාරයේ පසුවන කන්ජිපානි ඔහුගේ උපන් දිනයදා කොළඹ අපරාධ විමර්ශන කොඨාෂයට ‍රැගෙන විත් උපන්දින සාදයක් පවත්වා ඇත. වර්තාවන අන්දමට එම සාදයට නියෝජ්‍ය පොලිස්පති වරයෙකු ඇතුලු පොලීසියේ ඉහල නිළධාන් 8 දෙනෙකු සහභාගිවී ඇත. ඔවුන් සියලු දෙන ගෝටා හිතවාදීන්ය.

‍රැදවුම් නියෝග මත අත් අඩංගුවේ පසුවන කන්ජිපානි මෙම සාදයට ‍රැගෙන් විත් ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් විසිනි. මොහුගේ පෙර වාර්තා විමසීමෙදී පෙනී යන්නේ ඉතිහාසය පුරා මොහු ගෝටාබයට සේවය කොට ඇති බවය. ඩී අයි ජී නාලක සිල්වා මැරීමට කුමන්ත්‍රණය කලේද මෙම පොලිස් නිලධාරියාය. එහිදී ගෝටා හිතවාදි පොලිස් නිලධරීන් කංජිපානීට කෙස් කෙලින් කරන යෝජනාවක් කොට ඇත . ජෝන් අමරතුංග සහ ඩී.අයි.ජී නාලක සිල්වා ඩුබායි පැමින මාකදුරේ මදූෂ් හමුවූ බව තමන් දු‍ටු බවට ප්‍රකාශයක් කරන ලෙසට ඉල්ලා ඇත . මේ වන විට ගෝටා හිතවාදී පොලිස් නිලධාරීන් ශුක්ෂමව මධූෂ් සහ කංජිපානි විරසක කොට ඇත

ගෝටාගේ හිතවාදීන් මෙලෙස කුමන්ත්‍රණය කරන අතර හොලිවුඩ් චිත්‍රපටියක ස්වරූපයේ තවත් දර්ශනයක් සූදානම් කෙරෙමින් පවතියි. එම තොරතුර හෙලිදරව් කලේ පසුගියදා නිකුත්වූ ඉන්දීය බුද්ධි අංශ වාර්තාවක් විසිනි. එක්තරා දේශපාලනඥයෙකුට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කොට (ඔහුගේ ජීවිතය හානි කිරීමට නොවේ) ජනමතය වෙනස් කිරීමේ කුමන්ත්‍රනයක් දියත්ව ඇතැයි එහි සදහන් විය. කිසිවෙකු තමන් මරා දමනු ඇතැයි බියෙන් සිටින බවට සජිත් කල ප්‍රකාෂය එහි දිගුවකි. බලලා මල්ලෙන් එලියට පැනීමකි.

සිරිසේන සහ සජිත් දේශපාලනිකව අනාථ වී ඇති බව ගනන් ඉලක්කම් දන්නෝ දනිති . බලය ලබාගැනීමට මොවුන් දෙදෙනා රහසේ කුමන්ත්‍රනය කරන්නේ එබැවිනි. ඉන්දීය බුද්ධි අංශ වාර්තාවෙන් හෙලිවූ කරුණු භයානකය . දේශපාලනඥයා අදාල ස්නයිපර් ප්‍රහාරයෙන් අනූනවයෙන් දිවි ගලවගත් පසු එකී ස්නයිපර් අවිය මදූෂ් එවූ එකක් යයි කියා රනිල් විනාෂ කීරීම මෙම කුමන්ත්‍රනයේ අරමුනය. දැනටමත් ඊට අදාල ග්‍රවුන්ඩ් වර්කස් පිලියෙල කොට ඇත . සිරා- සජිත් කල්ලියේ බල සන්නිය උච්ච වී ඇති බව මොනවට පැහැදිලිය .සිරිසේන කොරහත් බිදගෙන යනවා කීවේ මන්දැයි කවුරු කවුරුත් තේරුම් ගත යුතුව ඇත.

lankanewsapp

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements