Advertisement

පසුගිය රාජපක්ෂ පාලන යුගයේදී ප්‍රහාරයට ලක්වී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ගේ වාහනයේ තිබී සොයාගත් ඇඟිලි සලකුණු සමග සැසඳුණ යුද හමුදා බුද්ධි බලකායේ සාමාජික ලලිත් රාජපක්ෂ ලසන්ත වික්‍රමතුංග ඝාතනයටද සැක බව රහස් පොලිස් ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් පුද්ගලයන්ගේ දුරකථන උදේ කාලයේදී ගම්පහ එම මහතාගේ නිවස අවට සැරිසරා ඇති බව එම දුරකථනම එම දිනවලම සවස් කාලයේ ලසන්ත වික්‍රමතුංග‌ගේ නිවෙස අසල සැරිසරා තිබීම මීට හේතුවය. දුරකථන කුළුනු දත්ත විශ්ලේෂණයෙන් මෙම කැරුණු අනාවරණය විය.

උපාලි තෙන්නකෝන් සිද්ධියට පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 4 කෙනෙකු මෙම ප්‍රහාරයට අනිවාර්යයෙන් සම්බන්ධ බවට තොරතරු ලැබී ඇත.

මේ අතර ගල්කිස්ස පොලීසිය ලසන්න වික්‍රමතුංග ඝාතනය වූ දිනට අදාළව ඔහුගේ නිවසේ සිට කාර්යාලය දක්වා දුරකථන කුළුනු වාර්තාවක් ගෙන විශ්ලේෂණය කර ඇත. එම ගමන් මාර්ගය තුළද මෙම උපාලි තෙන්නකෝන් සිද්ධියට අදාළ දුරකථන අංක සම්බන්ධව තිබී ඇත.

මේ අනුව ලසන්න ඝාතනයේ සුලමුල මෙම සෙබලා හරහා ඉදිරියේදී හෙළිවෙනු ඇතැයි රහස් පොලිසියේ ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements