තමන් ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වෙන් ඉවත් වුණ ද තම පුත්‍රයා දිගටම එහි කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කර තිබේ.
තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවත් පවසා ඇති මන්ත්‍රීවරයා තමන්ගේ මුහුණ බලා කතා කිරීමටවත් දැන් අපි විපක්‍ෂයේ කවුරුවත් නැති බවත් සඳහන් කර ඇත.
තමන් ඉවත් වුවද තම පුත්‍රයාට සිටින ආකාරයට කටයුතු කරගෙන යාමට ඉඩ දෙන්නැයි ඔහු ඉල්ලා තිබේ.
පුත්‍රයාට අගලවත්ත ආසනයත් තමන්ගේ සමීපතමයන්ට මතුගම ආසනයක් දෙන ලෙසද වෙල්ගම මහතා ඉල්ලා ඇති අතර ඒ සදහා පොහොට්ටු ප‍්‍රබලයාගෙන් යහපත් ප‍්‍රතිචාර ලැබූ බවද දැනගන්නට තිබේ.

