Advertisement

ලොව ධනවත්ම කළු ජාතික ව්‍යාපාරික අලිකෝ දන්ගොටෙගේ සොහොයුරු නයිජිරියානු ජාතික වෆියිලෝ බෙලෝ ව්‍යාපාරික හමුවක් සඳහා අයිඩියා සමුහ ව්‍යාපාරයට පැමිණ සිටිනවා. 

ශ්‍රී ලාංකික සමුහ ව්‍යාපාරයක් වන අයිඩියා ගෘප් ලිමිටඩ් i-Panel, i-Roof, Kalahari, Best වැනි ප්‍රචලිත සන්නාම යටතේ ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළඳපොළ වෙත සපයන වෙළඳපොළේ ප්‍රමුඛ පෙළේ නාමයක් වනවා.

වෆියිලෝ බෙලෝ නයිජීරියාවේ බෙල්මාරි සමුහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක වන අතර, ඔහුගේ සොහොයුරුගේ දන්ගොටේ සමුහ ව්‍යාපාරයේ සමුහ සාමාන්‍යාධිකාරී වශයෙන්ද කටයුතු කර තිබෙනවා. බෙල්මාරි සමුහ ව්‍යාපාරය බලශක්ති, ලිහිසිතෙල්, නාවුක සේවා, වාණිජ ගොවිපල යන ක්ෂේත්‍රවලට ව්‍යාපාර ජාලය විහිදුවා තිබෙනවා. 

ඔහු Port Harcourt විශ්ව විද්‍යාලයෙන් බැංකු හා මුල්‍ය පිළිබඳව ප්‍රථම උපාදියද, ෆෙරිස් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාදියද ලබා ඇති අතර දශක 02 ක පමණ ඉහල මට්ටමේ ව්‍යාපාරික පළපුරුද්දක් ඇති අයෙක් වනවා.

නයිජීරියාවේ ඉහල වර්ධනයක් ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශක්‍යතාවය හඳුනාගෙන, අයිඩියා නිෂ්පාදන එම වෙළඳපලට ප්‍රවේශ කිරීම සඳහා අයිඩියා සමුහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි සම්පත් මායකඩුව සහ වෆියිලෝ බෙලෝ සැලසුම් සකස් කරමින් සිටිනවා. 

මෙම ප්‍රවේශය සාම්ප්‍රදායික නොවන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා අපනයන ප්‍රවර්ධන ජාතික වැඩපිළිවෙලට පිටුවහලක් වනු ඇති.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements