Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඉදිරි මාස කිහිපය රටට තීරණාත්මකයි. ජනතාව සැබෑ වෙනසක් බලාපොරොත්තු වෙනවා. අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියල අහනවා. අපි ජන ජීවිතය ගොඩනගන්න පුළුවන්, පුළුල් දේශපාලන බලවේගයක් ගොඩනගනවා. උතුර , දකුණ එකට එකතු කරන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයෙක් ලබන අගෝස්තු 11 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්කරනු ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අකුරැස්සේදී පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ 06 වැනි දින අකුරැස්ස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ බල මණ්ඩල රැස්වීම අමතමිනි. අකුරැස්ස ආසනයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක දේශමාන්‍ය කරුණා කොඩිතුවක්කු මහතාගේ පක්ෂ කාර්යාල පරිශ්‍රයේදී මෙම රැස්වීම පැවැත්විනි.

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය. එදා පොදුජන පෙරමුණ ආරම්භ කරන කොට විශාල ලෙස අභියෝග තිබුනා. එක වෙලාවක රාජ්‍ය නායකයා කිව්වා අළුතින් පක්ෂයක් හැදුවොත් පාරේ ඇවිද්දවනවා කියල. තවත් සමහරු කිව්වා තුන්වෙනි බලවේගයක් අවශ්‍ය නෑ කියල. පක්ෂ හැදුවොත් බලාගමු කිව්වා. වසර කිහිපයක් ඇතුලත කෙටි කාලයක් තුළ ලංකා දේශපාලන ඉතිහාසයේ වගේම ලෝක දේශපාලන ඉතිහාසයේ එදා තුන්වෙනි බලවේගය අද ලංකාවේ පළවෙනි පළවෙනි බලවේගය වෙලා. 

එදා අපේ ආණ්ඩුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 123 ක් පාර්ලිමේන්තුවේ හිටියා. උතුර හැර අනෙකුත් පළාත් සභා බලය ශ්‍රීලනිපයට හිමිවී තිබුනා. ඒ පළාත් සභා විසුරුවා කල් දැම්මා. පළාත් පාලන ආයතන අවුරුදු දෙකහමාරක් කල් දැම්මා. මැතිවරණ කල්දැමීම එක්සත් ජාතික පක්ෂයේ පුරුද්දක් වෙලා. මහින්ද ජනාධිපතිතුමා නියමිත කාලයට කලින් මැතිවරණ තිබ්බා. තමන්ට අවශ්‍ය ආණ්ඩුව තෝරාගන්න ජනතාවට අවස්ථාව දිය යුතුයි කියන එක එතුමා දැඩි ලෙස විහ්වාස කළා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන බටහිර බලවේග කලින් මැතිවරණ තිබ්බ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා. මැතිවරණ කල්දාන මේ ආණ්ඩුවට විරුද්ධව බටහිර බලවේග ඇඟිල්ල දික් කරන්නේ නැහැ. අපේ රජය සියළුම උපාධිධාරීන්ට රැකියා දුන්නා. රජයේ නිලධාරීන්ට යතුරු පැදි දුන්නා. නමුත් කාර් දෙනවා කිව්වම කාර් ගන්න ඡන්දය දුන්නා. අද රටේ ආර්ථිකය පිරිහෙමින් පවතිනවා. අද 5,60,000 ක් සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. 3,40,000 ක් උසස් පෙළ විභාගයට ලියනවා. 65,000 - 1,00,000 ත් අතර විභාග සමත් වෙනවා. විශ්ව විද්‍යාලයට යන්නේ 28,000 ක වගේ පිරිසක්. අවුරුදු 20 - 35 ත් අතර තරුණ තරුණියන් විරැකියාවෙන් පෙළෙනවා. විරැකියා ප්‍රතිශතය 16% යි. දවස් 100 න් මහබැංකුව සුද්ද කළා. අද ආර්ථිකය සහමුලින්ම කඩා වැටිලා. මහබැංකු මංකොල්ලයෙන් පස්සේ තමයි ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තේ. ගමේ කඩයක් දාගෙන හිටිය අයගේ ව්‍යාපාර කඩා වැටිලා. කුලී වැඩකරන අයගේ රැකියා නැතිවෙලා. ළමයින්ගේ පන්ති ගාස්තු ගෙවා ගන්න බැහැ. රස්සාවට යාම , කඩමණ්ඩියට යාම පැත්තකට තියල අම්මල තාත්තලට දරුවන්ගේ ආරක්ෂාවට පාසැල් වලට යන්න සිද්ධ වෙලා. බුද්ධි අංශ සහමුලින්ම කඩා වැටිලා. රජය රටේ ජනතාවගේ ආරක්ෂාව තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. ආණ්ඩුව කඹ ඇදිල්ල පටන් අරගෙන තියෙනවා. 

ආණ්ඩුව ජාතික ආරක්ෂාව මඟහැරලා. බුද්ධි අංශය කඩා වැටුනා. ඉන්දියාවෙන් කිව්වා ප්‍රහාරයක් වෙනව කියල. ජනාධිපති රටේ නැහැ. අගමැති ගමේ නැහැ. නිවාඩු ගිහිල්ලා. බුද්ධි අංශ වාර්තා මඟහැරියා. ජීවිත 250 ක් නැති වුනා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රහාරයක් එනවා කියල බුද්ධි අංශය කියද්දී මඟ හැරියා. 

සෝෆා ගිවිසුම ඇතුළු ගිවිසුම් තුනක් අත්සන් කරන්න ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා. ත්‍රිකුණාමලය ඉඳල කොළඹට ඇමරිකානු ආධිපත්‍යයක් ගොඩනගන්න හදනවා. අපේ රටේ ‍භෞමික අඛණ්ඩතාවය විනාශ වෙනවා. මෙහෙම ගියොත් ලිබියාව , ඉරානය , සිරියාවට වෙච්ච දේ අපටත් වේවි යැයි කීය.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුම , නිරෝෂන් ප්‍රේමරත්න , මහින්ද යාපා අබේවර්ධන , කංචන විජේසේකර හා අකුරැස්ස ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක දේශමාන්‍ය කරුණා කොඩිතුවක්කු යන මහත්වරු සමුළුම ඇමතූහ.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook