Advertisement

කටාන ආනන්දපුර පදිංචි සංචාරක ව්‍යාපාරයක් පවත්වා ගෙන යන කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඔහු සතුව තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා මැණික්, විදේශ මුදල් සහ රුපියල් කෝටියක් පමණ වටිනා වාහනය පැහැරගෙන පසුව එම ව්‍යාපාරිකයාගෙන් කෝටි 4 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ පස්දෙනාගේ කප්පම් කල්ලිය මෙහෙය වූ බව කියන එජාප හිටපු පළාත් සභා මන්ත‍්‍රී මෙන්ම මීගමුව ප‍්‍රධාන සංවිධායක සහ මීගමුව මහ නගර සභාවේ වත්මන් විපක්‍ෂ නායක රොයිස් විජිත ප‍්‍රනාන්දු නමැත්තා කටාන පොලිසිය මගින් ඊයේ (07 වැනිදා) දහවල් මීගමුවේදී අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම සැකකරු සිද්ධිය වී මාස දෙකක් පමණ පොලිසිය මඟහරිමින් කට්ටි පනිමින් සිටි අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව මුන්නක්කරය ප‍්‍රදේශයේ පිහිටි සුපිරි චීන අවන්හලකට දිවා ආහාර රැගෙන යෑමට පැමිණි අවස්ථාවේදීය.

මෙම සිද්ධියට අදාළ කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකරුවන් විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව අඟවා ගිනි අවි එල්ල කොට මාංචු දමා පැහැර ගෙන ගොස් රුපියල් කෝටි 4 ක කප්පමක් ඉල්ලා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුදත් නිවුන්හැල්ල මහතා විසින් මේ වන විට කොල්ල කල්ලියේ සාමාජිකයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කොට ඇත.

පසුව සිදුකළ පුළුල් විමර්ශනයේදී මෙම කොල්ල කල්ලිය මෙහෙයවා ඇත්තේ සහ ඊට අදාළ ගිනි අවිය සහ මාංචු ලබා දී ඇත්තේ අත්අඩංගුවට ගත් මීගමුව මහ නගර සභාවේ විපක්‍ෂ නායක රොයිස් විජිත ප‍්‍රනාන්දු සහ මීගමුව මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති වත්මන් ස්වාධීන නාගරික මන්ත‍්‍රී සුනිල් ද සිල්වා යන අය බවට අනාවරණය වී ඇත.

මෙහි සැකකරුවකු වන නාගරික මන්ත‍්‍රී සුනිල් ද සිල්වා නමැත්තා මේ වන විට විදේශයකට පලාගොස් සැඟවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වැටලීමට කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුදත් පත්මසිරි නිවුන්හැල්ල, සැරයන් (53155) සුදත් ගුණවර්ධන, සැරයන් ලීලාරත්න, කොස්තාපල්වරුන් වන (38887) රණබාහු, (7477) සම්පත් සහ (33249) අනුෂ්ක යන නිලධාරීහු සහභාගිවූහ. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements