Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල සහ මෛත්‍රී පිල ලෙස කණ්ඩායම් දෙකකට බෙදී සිටින අතර එහි මහින්ද පිල ලෙස බෙදී සිටි කණ්ඩායමට සාමාජිකත්වය ලබා දෙමින් ජී.එල්. පීරිස් මහතා විසින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සමග තවත් කුඩා දේශපාලන පක්ෂ කිහිපයක් අවබෝධතා ගිවිසුම්වලට අස්සන් තබා ඇත.

ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ ඉලක්ක කොට මෙම අවබෝධතා ගිවිසුම්වලට අස්සන් තබා ඇති නමුත් මේ සඳහා විශේෂයෙන් එක්වියයුතුව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කර නොතිබීමද විශේෂත්වයකි.

පසුගිය කාලයේ මහින්ද පිලත් මෛත්‍රීපිලත් අතර සන්ධානයක් ගොඩනැගීම සඳහා යැයි සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණි.

මේ සඳහා එක්වී ඇති දේශපාලන පක්ෂ වන්නේ මව්බිම ජනතා පක්ෂය, ලංකා කම්කරු එක්සත් පෙරමුණ, තමිල එක්සත් නිදහස් පෙරමුණ, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය, ලිබරල් පක්ෂය, නව සිහල උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකා මහා සභාව, භූමිපුත්‍ර පක්ෂය යන කුඩා දේශපාලන පක්ෂ කිහිපයක් පමණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements