Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එජාපයේ මූලිකත්වයෙන් බිහිවන නව සන්ධානය ලබන අගෝස්තු 05 වැනිදා එළිදැක්වීමට එජාපය සූදානම් වේ. ඒ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමිනි.

කෙසේ වෙතත් මේ සඳහා එජාපයේ ඇතැම් දෙවැනි පෙළ නායකයන්ගේ විරෝධය එල්ල වූ අතර ඔවුන් ප්‍රකාශ කළේ පළමුව ජනාධිපති අපේක්ෂකයා නම්කළ යුතු බවයි. ඉන්පසු ඔහුට අවශ්‍ය පරිදි සෙසු පක්ෂ සමග සන්ධානගත වීමට අවස්ථාව ලබාදිය යුතු බව ඔවුන්ගේ අදහස විය.

කෙසේ නමුත් ඒ සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමි නොවූ අතර ඒ අනුව සුපුරුදු පරිදි නව සන්ධානය ගොඩනැගීම අගෝස්තු 05 වැනිදා සිදුවීමට නියමිතය.

පළමුව ජනාධිපති අපේක්ෂකයා නම්කළ යුතු බව පවසන්නේ එජාපයේ සජිත් හිතවාදී කණ්ඩායමයි. ඔවුන්ගේ බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කිරීමෙන් පසුව ඔහුට අවශ්‍ය පරිදි සන්ධානය ගොඩනැගීමයි.

එහෙත් මෙම යෝජනාව ලප් තැනම ලොප් වීමත් සමගින් ඔවුන් වෙනත් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.

ඒ අනුව නව සන්ධානය බිහි කරන ලබන 05 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා ඔසවා තැබීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

ඊයේ (23) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව සජිත් හිතවාදී කණ්ඩායම රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ එජාප නායකයා සමග ගැටුමකට නොගොස් හැකි සෑම ආකාරයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා බලය සහ ආකර්ෂණය පෙන්වා ඒ හරහා ඔහුට එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමටයි.

ඒ අනුව ලබන 05 වැනිදා සජිත් හිතවාදී එජාප පාක්ෂිකයන් විශාල ප්‍රමාණයක් කොළඹට රැගෙන ඒමට නියමිත අතර විශේෂ ප්‍රචාරක වැඩපිළිවෙලක්ද දියත් කිරීමට නියමිතය.


වෙනදා සජිත් වෙනුවෙන් පෙනී සිටියේ එජාපයේ පසුපෙළ නායකයන් හා මන්ත්‍රීවරුන් පමණක් වුවද මෙවර එජාපයේ මුල්පෙළ නායකයන් මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අතිශය සමීප ඇමතිවරුන් පවා සජිත්ට සහයෝගය පළකරන අතර ඒ අනුව මෙවර එජාප නායකයාට සජිත් ප්‍රේමදාස මහතා ලෙහෙසියෙන් පැත්තකට කර තැබිය නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.


මේ අතර ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා නොවන එක්සත් ජාතික පක්ෂයේ තමන් ද නොසිටින බවයි.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook