Advertisement

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. 

දෙසැම්බර් මාසය වනවිට මෙය දැකගැනීමට හැකිවනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. 

"අපේක්ෂකයා අපි අගෝස්තු මාසෙ නැත්නම් සැප්තැම්බර් මාසෙ නම් කරනවා. බලන්න දෙසැම්බර් වෙද්දි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හය දෙනෙක් අපිත් එක්ක අනිවාර්යයෙන්ම එකතු වෙනවා අපෙ අපේක්ෂකයාට සහාය දෙන්න. අතිගරු ජනාධිපතිතුමාත් අපේ අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරණයෙදි උදව් කරනවා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

අශෝක් අබේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති ජන හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements