Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results



ඕෂධී කියන්නේ ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක්. ඒ වගේම ඇය මියුසික් වීඩියෝවලටත් සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. කවුරුත් ආදරය කරන ඕෂධීගේ පෙම්වතා ගැන ඇය මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

මට මුලින්ම මනෝජ්ව මුණගැහුණේ ෆලයිට් එකේදී. මම බැන්කොක් ටුවර් එකක් ගියා. ඒ ගිය ගමනේදී තමයි මනෝජ්ව මට මුණගැහුණේ. මනෝජ් ගුවන් සේවකයෙක් විදිහට රුකියාව කරනවා.


ඒ මුණගැහීමෙන් පසුව මනෝජ්ව ඕෂධී යාළුවෙක් විදිහට ආශ්‍රය කරද්දී ඒ කාලය ඇතුළත මනෝජ් යාළුවෙක් විදිහට මොනවගේ කෙනෙක්ද?


ඔව්.. ඇත්තටම මුලින්ම මම මනෝජ්ව ආශ්‍රය කළේ යාළුවෙක් විදිහට තමයි. යාළුවෙක් විදිහට ආශ්‍රය කරන කාලේදීත් එයා ගොඩාක් හොඳ කෙනෙක්. මාත් එක්ක ගොඩාක් හිතවත් වුණා. සමීප වුණා. එයාගේ හිත ගොඩාක් හොඳයි.. අපි ඉන්න ක්ෂේත්‍රයත් එක්ක අපිට යාළුවෝ හදාගන්න හරි ලේසියි. යාළුවෝ ඇතිකරගන්න එක මහ ලොකු දෙයක් නොවේ. මම එහෙම ලොකුවට යාළුවෝ ආශ්‍රය කරන කෙනෙක් නෙමේ. හැබැයි මටත් යාළුවෝ හිටියා. ඉතින්.. මනෝජ්වත් මුණගැහිලා ටික කාලයක් යනතුරුම යාළුවෙක් විදිහට තමයි මම ආශ්‍රය කළේ.


එහෙම යාළුවෙක් විදිහට ආශ්‍රය කරපු මනෝජ්ට ආදරය කරන්න, විවාහ කරගන්න තිබුණු සුවිශේෂීකම මොකක්ද?


මම මනෝජ්ව යාළුවෙක් විදිහට ආශ්‍රය කරද්දී තේරුණ දෙයක් තමයි. මනෝජ් හරිම හොඳ කෙනෙක්. ඒ වගේම මගේ රැකියාවට මනෝජ්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මගේ ජීවිතේට ඇතිවෙලා තිබුණු ප්‍රශ්නවලදී වුණත් මනෝජ් මම ගැන හොයලා බැලුවා. හැමදේකදීම මුල්තැන මට දීපු කෙනෙක්. ඒ නිසා ටිකෙන් ටික අපි දෙන්නා ළංවුණා. ඒකේදී ආදරයක් ඇතිවුණා. ටික කාලයකින් මනෝජ් මගේ පෙම්වතා වුණා. ඒ කාලේදීත් එයා මම ගැන හොයලා බැලුවා. ළඟහිටියේ නැතත් ජීවිතේ ඇතිවුණු ඕනෑම ප්‍රශ්නකදී මනෝජ් මාත් එක්කම හිටියා.

ඒ නිසා පෙම්වතා වුණු මනෝජ් තවත් ටික කාලයකට පස්සේ සැමියා බවට පත්වුණා. මනෝජ් මට ගොඩාක් ආදරෙයි. සමහර විට ඒ ආදරය ලොකුවට මට පෙන්නන්න, කියන්න, එයාට තේරෙන්නේ නැහැ. හැබැයි එයාගේ ආදරය මට හොඳටම දැනෙනවා.

ඔන්න ඔහොම අපි ඕෂධී එක්ක කතා කරද්දී මනෝජ්ගෙනුත් ඕෂධී ගැන.. ඒ ආදරය පටන්ගත්තු විදිහ ගැන.. මනෝජ්ගෙනුත් ඇහුවේ නැත්නම් ඒක ලොකු අඩුවක්නේ. හැබැයි ඉතින්… ඕෂධී නොකියපු අපූරැ කතාවක් මනෝජ් කිව්වා. මේ ආදර කතාව පටන්ගත්තේ හරිම අහම්බෙන් කියලයි ඒ කතාව ඇහුවට පස්සේ අපිට හිතුණේ..


මනෝජ්… එදා ඔයාට ඕෂධී ගුවන් යානයේදී මුණගැහෙද්දී ඕෂධී ගැන දැනගෙන හිටියද..? ඕෂධී නියැලිලා ඉන්න ක්ෂේත්‍රය ගැන මනෝජ් දැනගෙන හිටියද..?


ඔව්… හැබැයි මම නම් එයා එක්ක එදා කතා කළේ නැහැ. ප්ලෙන් එකේදී ඕෂධී ෆෝ න්එකක් අතේ තියාගෙනයි හිටියේ. බැන්කොක්වල ඉඳන් එද්දී ඕෂධී ඒකේ සිම්එක පෑන් තුඩකින් මාරු කරමිනුයි හිටියේ. මම එතනින් යද්දී ඕෂධී පෑන්තුඩ ගහමින් සිම්එක එළියට ගන්න හදද්දී පෑනේතුඩ ගැලවිලා ඕෂධීගේ ඇඟ පුරාම තීන්ත ගෑවිලා තිබුණා. ඒක දැකපු නිසා මම ඕෂධීට මගේ Name tag එකෙන් සිම්එක ගලවලා දුන්නා. හැබැයි එහෙම කරද්දී මම ඕෂධී එක්ක කතා කළේ නැහැ.


පේලෙන් එකේදී ඕෂධීට වුණු අකරතැබ්බයට මනෝජ් උදව් කළාට අඩුමගානේ ඕෂධී “ස්තූතියි කිව්වෙවත් නැද්ද..?


නැහැ… ඒ වෙලාවේ මම ඒක ගලවලා දීලා ඉක්මනින්ම එතනින් එහාට ගියා.. ඒ නිසා එයා ස්තූති කළාද කියලා මට මතක නැහැ. ඊට කලින් ඉඳන්ම ඕෂධී මගේ ෆේස්බුක් යාලුවෙක්. ඉතින් මගේ name tag එකේ නමින් ඕෂධී නම බලාගෙන. ප්ලෙන් එකෙන් බැහැපු ගමන් එයාර්පෝට් එකේදීම මගේ ෆේස්බුක් එකට thanks කියලා මැසේජ් එකක් දාලා තිබුණා. හැබැයි ඒක මම දැනගෙන හිටියේ නැහැ. මම එදා ඩියුටි ඉවරවෙලා ගෙදර ගිහින් ටිකක් නිදාගෙන ආයේ නැගිට්ටට පස්සේ තමයි ෆ්බි එකට ගිහින් බැලුවේ. ඒ වෙලාවේ තමයි ඕෂධීගේ මැසේජ් එක මම දැක්කේ. ඊට පස්සේ ඉතින් අපි දිගින් දිගටම chat කරන්න පටන්ගත්තා.


යාළුවෙක් හැටියට ඉන්න කාලේදීත් ඕෂධී බොරු කරන කෙනෙක් නොවේ. එයා ඇත්තටම හරි අවංකයි. හැමදේම මට කිව්වා. එයාගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න පවා මාත් එක්ක කතා කළා. එයා අකමැති දේවල් කැමති දේවල් හැමදේම මට කිව්වා. එයා කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්න චරිතයක් නෙවේ. කිසිම දෙයක් හංගන්නේ නැතිව හැමදේම මට කිව්වා. ඒ නිසා ඒක හොඳ යාළුකමක් වුණා. ටික කාලයක් ගියාට පස්සේ ඒ යාළුකම ආදරයක් වුණා.


ඇත්ත කියන්න දෙන්නගෙන් මුලින්ම ආදරය ප්‍රකාශ කළේ කවුද?


මෙහෙමයි.. මුලින්ම වචනයෙන් ආදරය ප්‍රකාශ කළේ ඕෂධී වුණාට මගේ හිතෙත් එයා ගැන ලොකු ආදරයක් තිබුණා. හැබැයි ඒක මට කියාගන්න බැරිවුණා. දවස දෙක තුනක් අපි මුණගැහුණාට පස්සේ අපි කතාබහ කළා. මම ලස්සන ගෑනු ළමයෙක් දිහා බැලුවත් ඕෂධී වෙනස් විදිහට මම දිහා බැලුවා. ඒ නිසාම ඕෂධීගේ හිතෙත් මම ගැන ආදරයක්, කැමැත්තක් තියෙනවා බව මට තේරුණා. අපි දෙන්නාගේම හිතේ තිබුණු ඒ ආදරය අවසානයේදී ඒකම ආදරයක් වුණා.


මනෝජ්ට මතකද ඕෂධී දිපූ මුල්ම තෑග්ග..?


ඔව්.. මට හොඳට මතකයි.. ඕෂධී මට මුලින්ම පර්ෆියුම් එකක් තෑගි කළා. දෙවැනි වතාවට ඕෂධී මට ඔරලෝසුවක් දුන්නා. මම නම් එයාට මුලින්ම දුන්නේ ලස්සන ඔර්ලෝසුවක්. ඒකට ඕෂධී අදටත් හරි කැමතියි.


ඕෂධී හිටපු ගීත රෑප රචනා, නිරූපණ ප්‍රසංග ආදිය මනෝජ් බලලා තිබුණද?


ඔව්.. ඒවා දැකලා තිබුණා.. හැබැයි මගේ වැඩත් එක්ක ඒවා ඕනකමින් බලන්න මට වෙල්වක් නැහැ. ඉඩ ලැබෙන විදිහට මම ඒවා දැකලා තිබුණා. කෙනාවත් දන්නවා, නිතරම ගුවන්යානාවලදී මේ වගේ ජනප්‍රිය චරිත දකින නිසා මුලදී මට ඕෂධී ගැන එහෙම විශේෂත්වයක් තිබුණේ නැහැ.


ඕෂධීගෙයි, මනෝජ්ගෙයි විවාහය හරිම හදිසියේ කිහිපදෙනෙක් එකතුවකින් සිදුවුණු විවාහයක් නේද?


ඔව්.. අපි විවාහවුණේ දෙසැම්බර් මාසේ. අපි එහෙම ලොකුවට අපේ විවාහ උත්සවය ගත්තේ නැහැ. ඒ දිනයට සතියකට කලින් තමයි අපි දෙන්නා මේ දිනයට විවාහ වෙමු කියන දේ පවා තීරණය කළේ. රැකියාවත් එක්ක නිවාඩු ගන්නඑක මට ටිකක් අමාරැයි. ඉතින් අපි ලොකුවට උත්සව ගත්තේ නැහැ. අපේ ගෙවල්වල කට්ටියයි. තව අපේ ළඟම ටික දෙනෙකුයි එකතුවෙලා පොඩි පාටියක් විතරයි ගත්තේ.





gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook