Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මදසරුබව හෙවත් වඳභාවයට පත්වීමේ ප‍්‍රවනතාවය වර්තමානයේ කොතෙක්දයත් සෑම කාන්තාවන් සහ පිරිමින් පස්දෙනකුගෙන් එක් අයෙකු මදසරුබවින් පෙළෙන බව අනාවරණය වී තිබේ. මේ සඳහා බලපාන හේතු මොනවාද සහ ඊට ඇති ප‍්‍රථිකාර ආයුර්වේදයට අනුව කෙසේදැයි කියා විමසා බලමු.

වෛද්‍යතුමියනි ආයුර්වේදයට අනුව මදසරුබව හෙවත් වඳ භාවය හඳුනාගන්නේ කෙසේද?

ආයුර්වේදයට අනුව කාන්තාවකගේ ඔසප් චක‍්‍රය දින 28කි. මෙම ඔසප් චක‍්‍රයේ සරුකාලය තුළ කිසිදු උපත් පාලන ක‍්‍රමයක් භාවිතා නොකර එක්වීමේදී ගැබ් ගැනීමක් සිදුනොවේ නම් එය මදසරුබව හෙවත් වඳ භාවය ලෙස හඳුන්වනවා. ආයුර්වේදයේදී මේ සඳහා අවධානය යොමුකරන්නේ මාසයක කාලයක් පමනයි. ඉන්පසු ඊට ප‍්‍රථිකාර ලබාදෙනවා.

මදසරු බවට හේතුවන කරුණු හතරක් ආයුර්වේදයේ දක්වා තිබෙනවා. ඔසප් චක‍්‍රයේ අක‍්‍රමවත්බව, සරු ඩිම්භ බිහිනොවීම, ප‍්‍රජනන පද්ධතියේ ගැටලූ සහ ශුක‍්‍රානුවල පවතින දුර්වලතා එම කරුණු හතරය. මෙම කරුණු හතරෙහි පවතින දුර්වලතාවයනට ප‍්‍රථිකාර ලබාදීමෙන් ඔවුන් සරුභාවයට පත්කර දරුඵල උදාකර දියහැකියි.

මෙම මදසරු බවෙහිද ප‍්‍රභේද හයක් තිබෙනවා. ඉන් ප‍්‍රධාන ලෙස දක්නට ලැබෙන්නේ දරුවන් නොමැති සහ එක් දරුවකු ලැබී තව දරුවෙක් ලැබීම ප‍්‍රමාද වීම යන අවස්ථා දෙකය. එසේම මදසරු ඇතිවීමට බලපාන කරුණුවල ක‍්‍රියාකාරීත්වය වෙනස් වීමට තව බොහෝ බාහිර සාධක තිබෙනවා. අපගේ ආහාරපාන රටාව, ජීවත්වන පරිසරය, මානසික තත්ත්වය ඉන් ප‍්‍රධාන තැනක් ගන්නවා. 

ආහාරපාන රටාව

වර්තමානයේ බොහෝ දෙනාගේ ආහාරපාන රටාව වී ඇත්තේ පෝෂ්‍යදායී ආහාර වෙනුවට දිවට දැනෙන රසයට අනුව ආහාර පාන ගැනීමයි. එනිසා විවිධ රසකාරක යෙදූ ආහාර පාන ගැනීමෙන් ඇතිවන මන්දපෝෂණය නිසා ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් වීම, නොමේරූ ඩිම්භ බිහිවීම, ගර්භාෂ ගෙඩි ඇතිවීම, සක‍්‍රිය ශුක‍්‍රානු නිපදවීම අඩාලවීමට බලපාන බව හඳුනාගෙන ඇත. 

ජීවත්වන පරිසරය

සරු ඩිම්භ සහ සරු ශුක‍්‍ර නිපදවීම සඳහා යහපත් කාලගුණයක් සහිත පරිසරයක ජීවත්වීම අත්‍යවශ්‍යය. දැඩි උෂ්ණ පරිසරයක ජීවත්වනවිට සරු ඩිම්භ සහ සරු ශුක‍්‍ර නිපදවීමට බාධා මතුවේ.

මානසික තත්ත්වය

ආයුර්වේදයට අනුව දරුවකු කාන්තාවකගේ කුසෙහි පිළිසිඳගැනීමට සරු ඩිම්භ සහ සරු ශුක‍්‍රානු පමණක් ප‍්‍රමාණවත් නැත. ඒ සඳහා විඤ්ඤාණයද බලපානවා. එය ඇතිවන්නේ දෙදෙනාගේ පවතින යහපත් මානසිකත්වය අනුවය. ඒ සඳහා තමතමුන් අදහන ආගම අනුව කටයුතුකිරීම වැදගත් වෙනවා. එය ආයුර්වේදයේ දක්වා ඇත්තේ යම් ආත්මයක් එම ආත්මයෙන් මිදී තව ආත්මයක පිළිසිඳගන්නේ කුසල අකුසල කර්මවල බලපෑම අනුව බවය. එවිට එම ආත්මය තමුනට සුදුසුම තැනක පිළිසිඳ ගන්නවා. ඒ සඳහා මව්පියන් කුසල් සිත් ඇතිකරගෙන යහපත් මානසිකත්වයකින් සිටිය යුතුයි.

වෛද්‍යතුමියනි ආයුර්වේදයට අනුව මෙලෙස හඳුනාගන්නා මදසරුභාවයනට ඇති ප‍්‍රථිකාර මොනවාද?

ඒ සඳහා බොහෝ ප‍්‍රථිකාර තිබෙනවා. එය මතුව ඇති ගැටලූව අනුව තීරණය කළයුතුයි. මෙහිදී ලබාදෙන කිසිදු ඖෂධයක් සිරුරට හානිකර නැහැ. එය තමයි ආයුර්වේද ප‍්‍රථිකාරවල ඇති විශේෂත්වය. මෙම ප‍්‍රථිකාර සිදුකිරීම ආරම්භකර මාස කිහිපයක් යනවිට සාර්ථක ඵල ලබාගතහැකියි. එම ප‍්‍රථිඵල වඩා සාර්ථකවීමට ඔවුන්ගේ වයසත් බලපානවා. වයස අවුරුදු 40ට පෙර ප‍්‍රථිකාර සඳහා යොමුවීමෙන් ඉක්මන් සහ සාර්ථක ප‍්‍රථිඵල ලබාගතහැකිබව හඳුනාගෙන තිබෙනවා.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook