Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ පැරණි මිතුරන් බොහොමයක් සූක්ෂමව පසෙකට තල්ලු කරමින් ඔහුගේ ළඟම මිතුරා බවට පත්වුණු මලික් සමරවික්‍රම, බැටළු හම ගලවා තම වෘක වෙස පෙන්වමින් ඉතාමත් තීරණාත්මක මොහොතක අගමැතිවරයාට පිහියෙන් ඇනීමට සූදානම් ව ඇත. ඔහු කෙරේ විශේෂ සැලකිල්ලක් දක්වමින් පක්ෂයේ සභාපති තනතුර, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමති පදවි ලබාදුන්නේ අගමැතිවරයායි. මලික් යනු තමන්ගේ මඩිය තර කරගැනීමට මාන බලන ඩීල් දමන්නෙක් බව දැන දැනම, අගමැතිවරයා ඔහුට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යදූරයද ලබාදුන්නේ තවත් පියවරක් පෙරට තබමිනි.

2002-2004 කාලය තුල පිටතින් සිට ඔහු මෙය සිදු කළේය. පක්ෂයේ දෙවැනියා ලෙස ක්‍රියාකරමින් ඔහු තම සතුට භුක්ති විඳී ය. ඔහු සහ කබීර් හෂීම් (දෙවනුවට මින් වාසි ලබන්නා) අමාත්‍යධූර පිළිබඳ තීරණය කළහ. ඔවුන් ජනපතිවරයාව නොමග යැවූ අතර, සබඳකම් බිඳ දැමුවෝය. බුද්ධිමත් පුද්ගලයකු වුවද අගමැතිවරයාද අඥාන ලෙස ජනතා ඡන්දයෙන් තේරී පත්වූවන් පසෙක ලන තත්ත්වයකට වැටිණි. මේ දෙපාර්ශවය අතර නොහොඳකම් ඇතිවූයේ පසුගිය ආණ්ඩුවේ කුප්‍රකට ඩීල් දමන්නකු වන නන්දන ලොකුවිතාන(ඩුබායි මැරියට්) නිසාය.

මලික් සහ නන්දන ලොකුවිතාන ව්‍යාපාර සහකරුවන් ය. අක්කර 300ක් වූ භූමි ප්‍රමාණයක් ලබා ගැනීමට කළ ඉල්ලීම අගමැතිතුමා ප්‍රතික්ෂේප කළ නිසාවෙන් ඔහු සජිත් ප්‍රේමදාසට හේත්තු විය. මලික් දැන් අර අදින්නේ අනෙකුත් සියළු දේශපාලන පක්ෂ වල සහයද ඇතිව රනිල් වික්‍රමසිංහ මහතා පන්නා දැමීමටයි. ඔහුගේ මීළඟ ඉලක්කය වී ඇත්තේ සාගල රත්නායක අමාත්‍යවරයා යි. ඇමති සාගල මලික් ගේ කූට සැලසුම් දැන සිටි බැවින් එකී ඉඩම් ලබා දීම තරයේ ප්‍රතික්ෂේප කර සිටියේය. 

කෙසේවෙතත්, සජිත් ප්‍රේමදාස මහතා තම දුරස්භාවය මලික් සමරවික්‍රම සමඟ පවත්වා ගනු ඇති බවට සැකයක් නැත. මන්ද, මලික් ගේ ක්‍රියාකලාපය ඉදිරියේ තම කීර්තිනාමයට කැළලක් කර ගැනීමට සජිත් ප්‍රේමදාස වැනි පුද්ගලයකු කිසිවිටක කැමති නොවනු ඇත.

මලික් ගේ සැබෑ අරමුණු අමාත්‍යධූර වලින් ද ඔබ්බට යන බව සජිත් ප්‍රේමදාස මහතා නොදන්නවා ද විය හැකිය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හේත්තු වී සිටි කාලය තුළ ඔහුගෙන් යහමින් කඩා වඩා ගත් මලික් සමරවික්‍රම හට රනිල් වික්‍රමසිංහ යනු දැන් පොට්ට කාසියකි. මජර දේශපාලනයේ හෙනය මෙන් වේදිකාව තුළ සදා ලැගුම් ගෙන සිටි වයොවෘද්ධ දේශපාලඥයින් අතර, හැත්තෑ වන වියේ පසුවන මලික් සමරවික්‍රම දැන් තම අවසන් ගොදුර ඩැහැ ගැනීමට අර අදිමින් සිටින බවට පෙනී යයි. 

මලික් ගේ හොංකොං ගිණුම් පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පරීක්ෂා කර බලන්නේ නම් වඩා යහපත් ය. මලික් හා ඔහුගේ හෙංචයියන් වන මංගල යාපා, අයකැමි, හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ සගයන් ආදී සියල්ල ඉවත් කර දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගන්නේ නම් අගනේ ය. කන්න දුන් අත සපා කන එවන් දේශපාලුවන් පන්නා දැමීම රජයට මෙන්ම රටට ද මහඟු සත්කාරයක් වනු ඇත.

LNW

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook