Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කරන්නේ නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කළ යුත්තේ දෙපාර්ශවයේම එකඟත්වයෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අවධාරණය කර සිටියි.

එසේ නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්‍ෂකයෙක් නම් කර ඔහුට සහය දෙන්නැයි ඉල්ලූවහොත් තම පක්‍ෂයට වෙනත් තීන්දුවක් ගැනීමට සිදුවන බව මහලේකම්වරයා සඳහන් කළේය.

මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රීලනිපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇතිකර ගැනීම සඳහා වන සාකච්ඡා පිළිබඳව ශ්‍රීලනිපය උනන්දුවෙන් කටයුතු කරමින් සිටියද, ශ්‍රීලපොපෙ කණ්ඩායම ශ්‍රීලනිපය සමග එක්වීමට අකමැත්තකින් පසුවේ.

'අනිද්දා' පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රීලපොපෙ ප්‍රබල සාමාජිකයෙකු වන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ කණ්ඩායම සමඟ එක්වුවහොත් ජනතාවගෙන් තම කණ්ඩායමට ලැබෙන්නට තිබෙන ඡන්ද ප්‍රමාණයත් අඩුවීමේ අවදානමක් තිබෙන බවයි.

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමට රාජපක්ෂ පවුල දැනටමත් තීරණය කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements