Featured News

Video Gossip

Advertisement

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නිල facebook පිටුව රජය විසින් ඉවත්කිරීමක් සිදුවී නොමැති අතර ඔහුගේ පිටුව පිලිබදව facebook පරිශීලකයන් හෝ වෙනත් යම් කණ්ඩායමක් විසින් දිගින් දිගටම facebook වෙත සිදුකරන ලද වාර්තාකිරීම් වල ප්‍රතිපලයක් ලෙස facebook ආයතනයෙන් එම පිටුව ඔවුන්ගේ මාර්ගෝපදේශනයන් පිළිනොපදින පිටුවක් යැයි සලකා එම පිටුව Unpublish කිරීමට කටයුතු කර තිබෙනවා.

තවද එම පිටුව මෙසේ Unpublish වීමට ප්‍රථම facebook පිටු තත්ව නොහොත් Page Quality මගින් ඔහුගේ පිටුව facebook වෙත facebook පරිශීලකයන්ගෙන් ලැබුණු වාර්තා මත ඔවුන්ගේ මාර්ගෝපදේශන එම පිටුව පිළිනොපදිනවා යැයි කෘතීම බුද්ධිය අනුව තීරණය කොට Unpublish වීමේ අවධානමක් ඇතැයි පෙර සිටම අනතුරු අගවා ඇති අතර එම අනතරු ඇගවීම් වලින් පසුව ඔහුගේ නිල facebook පිටුව Unpublish වී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

මෙසේ facebook පිටු Unpublish වීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදුවන ක්‍රියාවලියක් වන අතර මෙම ස්වයංක්‍රීය ක්‍රියාවලියට කිසිදු facebook නියෝජිතයෙක් හෝ කිසිදු ශ්‍රී ලංකික දේශපාලන පක්ෂයක් මැදිහත් නොවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පසුගිය රජය සමයේ මෙන්ම වත්මන් රජය සමයේත් යම් facebook පිටු,ගිණුම්, facebook සමූහ රජයේ මැදිහත්වීමෙන් ඉවත්කිරීමට කටයුතු කර ඇති අතර එවැනි අවස්ථාවලදී එම පිටු facebook අඩවියෙන් එම පිටු,සමූහ පාලනය කල ඇඩ්මින් වරුන්ට සොයාගත නොහැකි ආකාරයෙන් ගැලවී යාමක් සිදුවී තිබෙන අතර එහෙත් ගායක ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුවට එසේ වී නොමැත.එම රජයන් මැදිහත්වීමෙන් ඉවත්වූ පිටු කිහිපයක් සම්බන්ධයෙන් විස්තර කිහිපයක් පහතින් දැක්වෙනවා.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements