Advertisement

අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලනයේ දශක තුනක් අළලා රචිත 'මංගල සමරවීර' කෘතිය ජුලි මස 07දා සවස 3.00ට මාතර රුහුණ විශ්ව විද්‍යාලයේ රවින්ද්‍රනාත් තගොර් ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රවීන ග්‍රන්ථ රචකයකු වන නිහාල් ජගත්චන්ද්‍ර විසින් මංගල සමරවීරගේ දිවියේ රසුමුසු තැන් අලලා එම කෘතිය සම්පාදනය කර තිබේ.

මෙහිදී මුඛ්‍ය දේශනය සිදුකරනු ලබන්නේ ප්‍රවීන දේශපාලන විචාරකයකු හා මාධ්‍යවේදියකු වන වික්ටර් අයිවන් විසිනි. 'ශ්‍රී ලංකාවේ 30 වසරක දේශපාලනය' යන මැයෙන් එම දේශනය පැවැත්වේ.

ඉදිරි ජනධිපතිවරණයෙදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත බව පැවසෙන එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට මෙන්ම, දෙමල හා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින්ට ද මෙම උත්සවය සඳහා ආරාධනා කර තිබීම විශේෂත්වයකි.

මංගල සමරවීර ඇමතිවරයාගේ උපන් දිනය දී තිබුන පසුගිය අප්‍රේල් 21දා මෙම උත්සවය සංවිධානය කර තිබුන ද එදින අන්තවාදීන් පිරිසක් විසින් ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ලකළ ප්‍රහාරය හේතුවෙන් එම උත්සවය කල් දැමීමට සිදුවිය.

එහෙත් ඊට පෙර දින (අප්‍රේල් 20) මාතර පැවති 'දශක තුනක මාතර කතාව' නම් වු ඡායරූප ප්‍රදර්ශනයට සහබාගි වූ ඇමතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements