Advertisement

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා තමා බවත් අනිකුත් පක්‍ෂ සහ කණ්ඩායම්වල සහාය 

ලබාගැනීමට කි‍්‍රයාකරන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බී. බී. සී. සේවය සමග සම්මුඛ සාකච්ඡුාවක් පවත්වමින් ප‍්‍රකාශ කර ඇත.

තමා ජය ලබන බව විශ්වාස යැයි පැවසූ ඒ මහතා සිය ද්විත්ව පුරවැසි බව ඉවත් කිරීම සඳහා ඇමරිකානු තානාපති කාර්යාලයට ලියවිලි ඉදිරිපත් කර ඇතැයි ද කීවේය.

ඇමරිකානු අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති නඩු පදනම් රහිත බව පැවසූ රාජපක්‍ෂ මහතා එම නඩු දේශපාලන අරමුණු මත ඉදිරිපත් වූ ඒවා බවද සැල කළේය.

මම පසුගිය වසරවල කීපවතාවක්ම ඇමරිකාවට ගියා. ඇයි දැන් මේ නඩු පැවරෙන්නේ යැයි ද පැවසූ රාජපක්‍ෂ මහතා සිය විරුද්ධවාදීන්ට අවශ්‍ය වී ඇත්තේ ජනාධිපතිවරණයට තරග වැදීම නතර කිරීමට බවද සඳහන් කළේය.

තම සමයේ අන්තවාදීන් ගැන සෙවීමට විශේෂ හමුදා බුද්ධි ඒකකයක් ස්ථාපිත කළ බව පැවසූ ඒ මහතා වත්මන් රජය එය අහෝසි කළ බවද කීවේය.

කීර්ති වර්ණකුලසූරිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements