Featured News

Video Gossip

Advertisement

දේශපාලන කාරණාවලින් තොරව කොළඹ වරාය නගරය සාර්ථකව ඉදිකළ හොත් රටේ ජනතාවගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 න් ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේය.

කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට එක්කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“වරාය නගරය මුල්‍ය නගරයක් ලෙස ගොඩනගන බවට අපි අරමුණක් දුන්න. ඩුබායි, හොංකොං, සිංගප්පූරු වල නගර අධ්‍යනය කරලා අපි නව නීති පද්ධතියක් හදනවා. ඒ අනුව මෙම මුල්‍ය නගරයේ කටයුතු සිදුකරනවා.

රැපියල් බිලියන 65 ක වියදමින් එයට අදාළ ප්‍රධාන ගොඩනැල්ල මේ වසරේදී ඉදිකිරීම් ආරම්භ කරන්න අපි සැලසුම්කර තිබෙනවා. ලෝක මුල්‍ය මධ්‍යස්ථානය ලෙස එය නම්කරනවා.

දැනට කලාපයේ විවිධ ස්ථානවල පවත්වාගෙන යන මුල්‍ය ආයතනවල මුලස්ථාන මෙම ස්ථානයට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සලසනවා. ඒ අනුව ඩොලර් බිලියන 15 – 20 අතර ප්‍රමාණයක් මෙම ස්ථානයට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

දේශපාලන බලපෑම් වලින් තොරව ව මේ ව්‍යාපාතිය සාර්ථකව ගෙන ගියොත් ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 කින් ඉහළ නංවන්න පුළුවන්.

ඒවගේම තවත් නව මුහුදු නගරයක් ශ්‍රී ලංකා ඉංජිනේවරුන්ගේ සහභාගීත්වයෙන් ඉදිකරන්නත් අපි කටයුතු කරනවා. වරාය නගරය තුළ ශ්‍රී ලංකා කලාපයේ ප්‍රධාන මට්ටමේ අන්තර් ජාතික පාසලක්, අන්තර්ජාතික රෝහලක් සහ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවක් ස්ථාපිත කරන්න අපි කටයුතු කරනවා. එය මේ වසරේදීම ආර්ම්භ කරන්න අපිට පුළුවන් වෙයි.

ඒ වගේම මේ වරාය නගරයේ සැලසුම්කර තිබු ෆෝමියුලා ධාවන පථය වෙනුවට සාර්ථක උද්‍යානයක් ඇතිකිරීමට කටයුතු කරනවා. පරිසර උපදේශන අනුවයි මේ සියළු දේවල් කළේ. දැනට ක්‍රියාත්මක කරන සැහැල්ලු දුම්රිය පද්ධතිය මේ වරාය නගරයට සම්බන්ධ කරන්නත් අධිවේගී මාර්ගය සම්බන්ධකරන්නත් සැලසුම්කර තිබෙනවා.

චෛතත්‍ය පාරේ සිට අර්ධ උමං මාර්ගයක් ලෙස මාර්ග 04 ක් සහිත මාර්ගයක් ඉදිකරීමටත් සැලසුම්කර තිබෙනවා.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements