Featured News

Video Gossip

Advertisement

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.ඒම්. මුසම්මිල් මහතාගේ මූලිකත්වයෙන් එම කාර්යාලය සංවිධාන කරන ‘සාමය-සමඟිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජූනි 30 දා සවස 4ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සාමය, සහජීවනය සහ විශ්වාසය වර්ධනය කිරීම, මෙරට ජීවත් වන විවිධ ජාතිකයන් සාමයෙන් සහජීවනයෙන් ජීවත්වන පණිවිඩය ලෝකයට රැගෙන යාම, රටේ සියලුම ආගමික ලබ්ධිකයන් සියලුම ආකාරයේ අන්තවාද ප්‍රතික්ෂේප කරන බව ලොවට ප්‍රකාශ කිරීම, බහුතර බෞද්ධයන් සහ අන්‍ය ආගමිකයන් සිටින රටක් වශයෙන් අපගේ සංස්කෘතිය අනිත් සම්ප්‍රදායන් සහ සාරධර්මවලට ගරු කරන පණිවිඩය ලබාදීමට බලාපොරත්තු වේ.

මෙම සමුළුවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නේ ලෝක මුස්ලිම් සංගමයේ මහා ලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහමඩ් බින් අබ්දුල්ලා ය.

මේ අවස්ථාවට ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා, හින්දු, කතෝලික, ඉස්ලාමීය ආගමික නායකවරු, විද්වතුන්, ව්‍යාපාරිකයන් සහ ප්‍රභූවරු සහභාගී වෙති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු මැති ඇමැතිවරුන් සහ විදේශ තානාපතිවරු ද සහභාගී වීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements