Featured News

Video Gossip

Advertisement


ගාල්ල හබරාදුව පොදුජන පෙරමුණු රැස්වීම ගාලගෝට්ටයක් බවට පත්වු ආකාරයක් දැකිය හැකි වුහ. ඒ ඉකුත් 17 දින පෙ.ව 9.00 ට පැවැති මෙම රැස්වීම සංවිධානය කරණු ලැබුවේ පොදුජන පොරමුණ හා එජනිස එක්වයි. මෙම පිරිස් දෙක වෙන වෙනම ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීමට කටයුතු කළහ.

නමුත් ජනපති ආරක්ෂක අංශ බලධාරින් දන්වා තිබුනේ දෙපිරිස එක්ව මේ පිළිගැනීම සංවිධානය කරන ලෙසයි. නමුත් එසේ සාම ගිවිසුමක් සකස් කරන්නට දෙපිරිසම එකඟ වුයේ නැත. මේ නිසා දෙපිරිසම පිළිගැනීම එකම නගරයේ එකම ස්ථානයක සංවිධානය කර තිබිණි.

මේ නිසා එජනිස සංධානය නියෝජනය කරනු මේ වන විට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු සමඟ එක්ව කටයුතු කරන හිටපු ඇමති ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි සමඟ එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හබරාදුව ආසන සංවිධායක දිල්ෂාන් විදානගමගේ ඇතුඵ හබරාදුව ඉමදුව ප්‍රාදේශීය සභා මංත්‍රිවරු ඇතුඵ පොහොට්ටුවේ සාමාජිකයන් විසින් සංවිධානය කළ ගෝඨාභය රාජපක්ෂට පැමිනීමට සුදානම් කර තිබුනු පිවිසුම හරස් කිරීම හේතුවෙන් අනපේක්ෂිත අයුරින් සිදුවු මෙම සිදුවීම නිසා රාජපක්ෂ සමඟ පැමිනි ආරක්ෂක අංශ ක්ෂණිකව ක්‍රියාමාර්ගයක් ගන්නට සිදු විය.

ඒ අනුව , වෙනත් ආරක්ෂක ස්ථානයකින් සීමාව සදහන් කරමින් තිබුණු කඹ වියල් කරමින් ගෝඨාභයට යාමට සැලැස්වු අතර පසුව හබරාදුව පොහොට්ටුවට සහයෝගය ලබාදෙන චන්දිම වීරක්කොඩි හා ඔහුගේ අදාළ රැස්වීම් භූමියේ වේදිකාව අසල තෙරපීම නිසා නෙසන් සුන් තාවයක් ඇතිවුහ. ඒය පාලනය කරන්නට ආරක්ෂක නිලධාරිහු පියවර ගත්හ.

මේ සමගම චන්දිම විරක්කොඩි සමඟ වේදිකාව අසලට පැමිණි පිරිස ජනතාව හූ කියා ගත්හ.ඒ සමගම දෙපිරිස අතුර ඇතිවුයේ ගාලගෝට්ටියකි.මෙම උනුසුම් තත්ත්වය පාලනය කරන්නට ආරක්ෂක අංශවලට වෙහෙසක් දරන්නට සිදුවුහ.මේ සියල්ලම එසේ සිදුවුන අතර තුරු පිළිගැනීමේ රැස්වීම සුහදව පැවැත්විණි.

නිමල් අල්ගෙවත්ත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements