Featured News

Video Gossip

Advertisement

බෙලිඅත්තේ තමුන්නාන්සේලාගේ නායකයා 1970 දී බලයට පත් කරන්නට මා එවකට පාසල් ශිෂ්‍යයකු ලෙස මේ බෙලිඅත්තෙ ගෙන්ගෙට ගියා. මා බෙලිඅත්තේ ජනතාවට ආගන්තුකයෙක් නෙවෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවසුවේ පෙරේදා (17 දා) පෙරවරුවේ බෙලිඅත්ත ප‍්‍රධාන වටරවුම අසල පැවති පිළිගැනීමේ රැස්වීම අමතා කතා කරමිනි.

ඒ මහතා තවදුරටත් මෙසේද පැවසීය.

ඔබේ නායකයා ත‍්‍රස්තවාදය විනාශ කරපු එකම ජනනායකයා ලෙස මේ රටේ පමණක් නොව ලෝකයේම ජනාදරයට පත් වුණා. එතුමා මට මේ රට භාරගන්න කියා ආරාධනා කළා. ජනතාව සහ ආගමික නායක පිරිසත් මට ආරාධනා කළා. ඒ අනුව මාගේ ඉදිරි වැඩ පිළිවෙළ මා ඉදිරිපත් කළා. එය මේ රටේ ක‍්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් නිසා එය මා ජනතාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් ඉටු කරනවා. මට මෙවැනි උණුසුම් පිළිගැනීමක් කළ බෙලිඅත්තේ ජනතාවට මා ස්තුති කරනවා’’ 

ලාල්පේ ශ‍්‍රී විවේකාරාමාධිපති ගැටමාන්නේ ධම්මාලංකාර හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.

සිංහල බෞද්ධ ඡුන්ද අරගෙන දියවන්නාවට යන සමහර මැති ඇමැතිලාට ඡුන්දෙ දුන් මිනිසුන් හා මේ රට අමතක වෙනවා. රාජපක්ෂලා කවදාවත් සිංහල බෞද්ධකම අමතක කළේ නැහැ. මේ රටට සදාචාරය හා ජාතිකත්වය ආරක්ෂා කරන්නට නම් රාජපක්ෂ කෙනකුට මේ රට භාර දෙන්න ඕනෑ. එයට හොඳම සුදුස්සා ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒ මහතාට ආගමික නායකයන්ගේ ගෞරවය රකින්න පුළුවන් බවට අපට දැඩි විශ්වාසයක් තියෙනවා.

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඞී.වී. උපුල් මහතා ද කතා කළ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ, ඞී.වී. චානක, එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements