Advertisement

සිය ඇමරිකන් පුරවැසිභාවය ඉකුත් අපි‍්‍රයෙල් මස 17 වැනිදා ඉවත් කර ගත් බවත්, ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කළ බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ 22දා පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවති පළාත් පාලන ආයතන සභාපතිවරුන්ගේ හමුවේදීය. 

ද්විත්ව පුරවැසියෙක් ලෙස සඳහන් කර තමන්ට ලබාදී තිබූ විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගු කර ශී‍්‍ර ලාංකික පුරවැසියෙක් බව ස`දහන් නව ගමන් බලපත‍්‍රයක් මේවන විට නිකුත් කොට ඇතැයි ද ඒ මහතා ස`දහන් කළේය. 

සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය ප‍්‍රචාර දිගින් දිගටම අසන්නට ලැබෙන බවත්, අධිකරණ මාර්ගයෙන් හෝ තමන්ට යම් ප‍්‍රශ්නයක් ඇති කිරීමේ උත්සාහයන් ඒ තුළ අන්තර්ගත වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය. 

ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේදී ජයග‍්‍රහණය අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් සකස් කර ඇති හෙයින් අප විසින් කළ යුතුව ඇත්තේ වරදක් නොකිරීමට වගබලා ගැනීම යැයිද ඒ මහතා එහිදී වැඩිදුරටත් ස`දහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements