Advertisement

ජනාධිපති ධුරාපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි බව අහෝසි කිරීම සත්‍යයක් ද යන්න මෙරට දේශපාලන පාර්ශ්ව සහ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් කළ විමසීමට ප‍්‍රතිචාර දැක්වීම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප‍්‍රකාශිකා නැන්සි මැන්ගෝරින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

යම් අයකුගේ පුද්ගලික තොරතුරු හෙළිකිරීමට ඇමෙරිකානු නීතිරීතිවලින් ඉඩක් නැතැයි ද ඇය එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීමට මුල් වූ හේතුව පිළිබඳව කරුණු දක්වමින් පවසා තිබේ.

මේ අතර විශ්වවිiාල මහාචාර්යවරයකු සහ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයකු පොලිසිය වෙත පැමිණිල්ලක් කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි බව අහෝසි කිරීම ගැන විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ඇත.

එහෙත් ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් තොරතුරු විමසීමට තමන්ට බලයක් නැති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements