Featured News

Video Gossip

Advertisement

ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහොමඩ් සහරාන්ගේ බිරිය වන අබ්දුල් කාදර් ෆාතිමා කාදියා නමැත්තිය ඊයේ (15දා) කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ පාපෝච්චාරණයක් කරනු ලැබුවාය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ මහෙස්ත්‍රාත් නිලමැදිරියේදී රහස් ප්‍රකාශයක් ලෙසින් මෙම පාපෝච්චාරණය සිදු කළ අතර පැයකට අධික කාලයක් එකී පාපෝච්චාරණය කිරීම කරනු ලැබිණි.

සහරාන්ගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සාක්ෂි විමසීමද ඊයේ (15දා) සිදුකරනු ලැබූ අතර, පැයකට අධික කාලයක් ඒ සම්බන්ධවද ඔහුගේ බිරිය විසින් සාක්ෂි ලබාදීම සිදුකරන ලදී. ඉන් අනතුරුව ඇය මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී සවස 3.20ට පමණ පාපෝච්චාරණය සිදුකිරීම ආරම්භ කළ අතර සවස 4.40ට පමණ එම කටයුත්ත අවසන් කර ඇය නිල මැදිරියෙන් පිටතට පැමිණියාය.

සහරාන්ගේ බිරිය සමඟ ඔහුගේ දියණිය වන වසර 4ක් වයසැති රුදයිල් නමැති ගැහැනු දරුවාද රහස් පොලිසිය භාරයේ ෆාතිමා කාදියා විසින් රැගෙන විත් තිබිණි.

ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරෙන දෙවැනි බෝම්බකරු වූ මොහොමඩ් ඉබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ පියා වන බෝම්බ ප්‍රහාර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයේ සිටින මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම් නමැත්තා සහ මොහොමඩ් ඉබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ බාල සහෝදරයාද කොළඹ කොටුව අධිකරණයට මොහොමඩ් ඉබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි සඳහා කැඳවා තිබුණු අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ සාක්ෂි ලබාදෙනු ලැබිණි.

ඊට අමතරව මේ වනවිට රැඳවුම් භාරයේ තබාගෙන සිටින මොහොමඩ් සහරාන්ගේ රියැදුරුගෙන් සහ බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන සිටින කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් දෙදෙනකුගෙන්ද මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාගනු ලැබීය. දැඩි ආරක්ෂාවක් යටතේ මේ පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.




අමිල අබේරත්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements