Featured News

Video Gossip

Advertisement

අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ වෙනස්කම් කීපයක් ලබන සතියේ කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සූදානම් වන බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (02) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් පළ කර තිබේ.

තේරීම් කමිටුවේ සභාපති ධූරයේ අසන්ත ද මෙල් මහතා තව දුරටත් කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. එහි වර්තමාන සාමාජිකයකු වන චමින්ද මෙන්ඩිස් මහතා ද තව දුරටත් තබා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 

එහි සෙසු සාමාජිකයන් වන බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික්‍රමරත්න යන මහත්වරු ඉවත්කර නව සාමාජිකයන් තිදෙනකු පත්කර පස්දෙනකුගෙන් යුත් තේරීම් කමිටුවක් පත්කිරීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements