Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂය පරදවා ආන්ඩුවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් එකතු විය යුතු යයිද එකතු වුනොත් ආන්ඩු හැදිය හැකි බවද නැතිනම් අපි ඔක්කොම ගෙදර යන්නේ යයිද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පලකලේ ගාල්ල ලබුදූව දක්ෂිණ පාය පරිශයේදී පසුගියදා (30) පස්වරුවේ මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මෙසේ අදහස් පල කලේය.

අපි එකට දීග කාපු කට්ටියක් තමයි අපි සංධානයේ හිටියේ සංධානයෙන් දහයක් නෙමේ විස්සක් පොහොට්ටුවත් එක්ක සංධාන ගත උනත් අපේ ගැටළුවක් නෑ. අපි දෙගොල්ලොම එකතු වෙන්නේ එක තැනකට.

එක වැඩක් කරන්න රට හදන්න බෑ අපිට සංධාන ගත නොවී. ද්‍රවිඩ සංධානය මුස්ලිම් කණ්ඩායම් අන්තවාදීන් එක්සත් ජාතික පක්ෂය මේ සියලු දෙනා පරද්දලා සිංහල ජාතිය සහ සියලු ආගම් සියලු ජාතීන් එක් වෙන ආන්ඩුවක් අපිට උවමණාවෙලා තියෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන ආන්ඩුවට මුක්කු ගහන සියලු දෙනා පරද්දලා එක්සත් ජාතික පක්ෂය පරද්දලා අපිට ඕනේ ආන්ඩුවවක් හදන්න. අගමැති මහින්ද රාජපක්ෂ කරන පාර්ලිමෙන්තුවක් ගොඩ නගන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවයි එකතු වෙන්න ඕනේ.

එකතු උනොත් අපි ආන්ඩුවක් හදනවා. නැත්නම් අපි ඔක්කොම ගෙදර යනවා. ශ්‍රී ලංකදා නිදහස් පක්ෂයේ ජනාධපති අපේක්ෂකයා කවුද ?ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපෙක්ෂකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයායි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියක් එක්සත් ජාතික පක්ෂයට යනවා කියන්නේ ඇත්තද? ටික දෙනෙක් යයි. ඒක ගැටළුවක් නෙමේ අපිට.

මාපලගම රසික සෙනවිරත්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements