Featured News

Video Gossip

Advertisement

නැවතත් ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානමක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව සිටින බවට වන ප‍්‍රකාශය සත්‍ය විය හැකි යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

එළැඹෙන 11 වැනි දාට පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බවද ඔහු සඳහන් කළේය.

හිරු රූපවාහිනිය සමග සාකච්චාවකට එක්වෙමින් මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජයගත හැකි මට්ටමක් මේ වන විට නැතැයි ද ඔහු පැවසීය.

කෙසේ නමුත් අප්‍රේල් 21දා වනවිට මෙරට ජනප්‍රියම නායකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සිටි නමුත් ප‍්‍රහාරයත් සමග එම තත්වය වෙනස් වූ බවද ඔහු කියා සිටියේය.

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිසක් එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් එක් වීමට සූදානමක් ඇති බව ද පැවසූ ඔහු කවුරු ගියත් තමන් තනිවම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස සිටින බවද පැවසුවේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements