Featured News

Video Gossip

Advertisement

ඉදිරි ජනාධිපතිධුර අපේක්ෂකත්වය ඇතුළු තීරණාත්මක දේශපාලන කාරණා ගණනාවක් ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ඒ අනුව පසුගියදා ඔහු ජනාධිපතිවරයා අමතා දෙදෙනා අතර හමුවකට වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඊට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබේ. මෙම දුරකතන ඇමතුම ලබාදීමට පෙරදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ රැඳී සිටියදීත් ජනාධිපතිවරයා සහ ගෝඨාභය අතර පෞද්ගලික දුරකතන සංවාදයක් පවත්වා බොහෝ කරුණු සාකච්ඡා කර තිබිණි.

කෙසේ හෝ අද හෙටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වීමට නියමිත හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ අපේක්ෂකත්වය ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කර ඔහුගේ සහයෝගය ලබාගත හැකි දේශපාලන සැලසුමක් යෝජනා කෙරෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. වාර්ථාවන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකත්වය ලබා නොදුනහොත් සිරිසේන - ගෝඨාභය සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීමේ සැලැස්මක් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යෝජනා කිරීමට නියමිතය.

ගෝඨා එනවාට ඩිව් විරුද්ධයි

මේ අතර විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීම ගැන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල බෙදීමක් හටගෙන තිබේ.

එහි නායක ඩිව් ගුණසේකර මහතා සහ ඔහුගේ හිතවාදීන් ගෝඨාගේ අපේක්ෂකත්වය අනුමත නොකරන බව කියා ඇත.


එහෙත් පක්ෂයේ මහ ලේකම්වරයා වන රාජා කොල්ලුරේ මහතාත් කො.ප. නියෝජිනය කරමින් දකුණු පළාත් සභාවේ අමාත්‍ය පදවි දැරූ වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් කියා සිටින්නේ විපක්ෂයෙන් ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා ගෝඨාභය නිසා ඔහුට පක්ෂ විය යුතු බවය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තුළ ප්‍රබල අභ්‍යන්තර අරගලයක් හටගෙන තිබේ.

මහින්දත් ඉල්ලලා

ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසීමට වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. එයටද ජනාධිපතිවරයා අනුමැතිය දක්වා ඇතැයි කියැවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements