Featured News

Video Gossip

Advertisement

ෆේස් බුක් මිතුරු සමාජ හරහා සම්බන්ධතා ඇති කර ගනිමින් අළුත්ගම ප‍්‍රදේශයේ නිවාඩු නිකේතනයක සංවිධානය කර පවත්වාගෙන ගිය මත් සාදයක් වටලා අයිස්, හෙරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය සමග තරුණයන් 8 දෙනකු කළුතර කොට්ඨාස විස මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.

අලූත්ගම ප‍්‍රදේශයේ නිවාඩු නිකේතනයක සමාජ ජාල මගින් සංවිධානය කරන සාදයක් පැවැත්වෙන බවට කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතාට ලැබුණු තොරතුරක් මත කළුතර කොට්ඨාශ විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය, කළුතර උතුර සහ කළුතර දකුණ පොලිස් ස්ථානවලට අනුයුක්ත විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග එක්ව මෙම වැටලීම සිදු කෙරිණි.

අළුත්ගම, කළුවාමෝදර පිහිටි මෙම සාදය පැවැත්වූ නිවාඩු නිකේතනය පසුගියදා අලූයම 4.00 ට පමණ පොලිස් කණ්ඩායම් වටලන අවස්ථාවේදී තදින්ම මත්වී සිටි තරුණයන් 30 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන් සියලූදෙනා වයස 19 ත් 25 ත් අතර වයසේ පසුවූවන් බව පොලිසිය පවසයි.

එම තරුණ පිරිස පරීක්ෂා කිරීමේදී අයිස් නමැති මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයන් 5 දෙනෙකුද හෙරොයින් ළඟ තබාගත් එක් තරුණකුද, ගංජා ළඟ තබාගත් තරුණයන් දෙදෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. එම සාදයට සහභාගී වී සිටි අනෙකුත් තරුණයන් ද මත් පෙති වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර සිට ඇත.

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් තරුණයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, කළුතර කොට්ඨාස 1 භාර සහකාර පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස, කළුතර කොට්ඨාස 11 භාර සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සිල්වා මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කළුතර කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හර්ෂ කුමාර, පොලිස් සැරයන් (26049) සමරකෝන්, පොලිස් කොස්තාපල්වරුන් වන (45783) සුසිල්, (79431) ප‍්‍රියන්ත, (40382) අසංක, (67757) දේශප‍්‍රිය, පොලිස් කොස්තාපල් රියැදුරු (34951) පෙරේරා යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

මහිලාල් පද්මසූරිය - අගලවත්ත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements