Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙකුත් පක්ෂ වල නායකයන්ව විවේචනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ (05) පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ දී දැඩි විරෝධය පළකර ඇතැයි වාර්තා වනවා.

යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු ව්‍යවස්ථාව 17 වාරයක් සංශෝධනය කර සකස් කළ බවත්, එය සඟවා කළ කාර්යක් නොවන බවත් මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්න ඇති නම් ඒවා පක්ෂය තුළ විසඳා ගන්නා ලෙසත්, ඒ වෙනුවට එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ට චෝදනා නොකරන ලෙසත් අමාත්‍යවරයා එහිදී දැඩි ලෙස ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

අමාත්‍යවරයා අදහස් දක්වමින් සිදුකළ මෙම විරෝධය හමුවේ එජාප සභාපති අමාත්‍ය කබීර් හෂීම් සමාව ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම මින් ඉදිරියට එලෙස පක්ෂ නායකයින් විවේචනය කිරීමෙන් වළකින ලෙස ද අගමැතිවරයා එක්සත් ජාතික පෙරමුණට දැනුම් දී ඇති බව සඳහන්.

චාමර සම්පත්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements