Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රමුඛත්වයෙන් පිහිටුවන පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳ තීරණය එක්සත් ජාතික පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර එකඟතාවක් මත ඇතිවිය යුතු බව ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැුස්වීමේදී ඊයේ (05) දා යෝජනා විය.

පක්‍ෂ නායකත්වය එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායකයා මුණගැසී එකඟතාවක් ඇතිකරගන්නා තෙක් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කිසිවක් සිදු නොකළ යුතු බවට ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී බහුතර මතය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැුස්වීම කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (05 දා* පස්වරුවේ පැවැත්වුණේ මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැුස්වීම් පිළිබඳ සාකච්ඡුා කිරීමටය.

එක්සත් ජාතික පක්‍ෂය මූලිකත්වයෙන් පිහිටුවන පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳව ද ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැුස්වීමේදී අදහස් ප‍්‍රකාශ වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායකයා මුණගැසී ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹෙන තෙක් ඒ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ නොකිරීම වඩාත් සුදුසු බවට ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් 

රැස්වීමේදී බහුතර අදහස ලෙස ප‍්‍රකාශයට පත්වුණ බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

කුමන තත්ත්වයක් යටතේ වුවත් එක්සත් ජාතික පක්‍ෂය මූලිකත්වයෙන් පුළුල් සන්ධානය පිහිටුවීම වහ වහා කළ යුතු බව ද ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැුස්වීමේදී දිගින් දිගටම සෑම පාර්ශ්වයකින්ම අදහස් පළ වූ බවත් පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.

ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ පිහිටුවීමට අදාළ සංශෝධන ඊයේ පැවති ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී ඉදිරිපත් කෙරිණ.

අකිත පෙරේරා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements