Featured News

Video Gossip

Advertisement

‘මේ වෙලාවේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමයි, සජිත් පේ‍්‍රමදාස නියෝජ්‍ය නායකතුමයි කතා කරලා එක`ගතාවකට ආවේ නැත්නම් ඒක විරුද්ධ පැත්තේ ජනාධිපති අපේක්‍ෂකයාට වාසියක් වෙනවා. දැන් අපි ඔක්කොම අර්බුදයකයි ඉන්නේ’ යැයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා  ඊයේ (19 වැනිදා) පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්දැයි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේ හෙතෙම එසේ කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතාකළ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

‘රටේම ජනතාව ඉල්ලන්නේ සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමා ජනාධිපති අපේක්‍ෂකයා කරන්න කියලයි. ඒ අනුව අපි පක්‍ෂයක් ලෙස ජනතාවගේ මතයට හිස නමන්න ඕනෑ. අගමැතිතුමයි, නියෝජ්‍ය නායකතුමයි කතාබහ කරලා බහුතර කැමැත්තට ඉඩදිය යුතුයි. අගමැතිතුමාගෙන් අපිත් ඉල්ලන්නේ මේ වෙලාවේ ජනාධිපති අපේක්‍ෂකකම සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමාට දෙන්න කියලයි. පක්‍ෂයට ආදරේනම් එය එසේ විය යුතුයි. ජනතාව ඉල්ලන එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා කවුද එයා දැන්ම ඉදිරිපත් කරන්න ඕනෑ. දැන් වෙලා තියෙන්නේ මේ පක්‍ෂය දෙකට කැඩිලා. අර්බුද ගොඩකයි තියෙන්නේ. කට්ටියක් සජිත් මහත්මයා ළ`ග ඉන්නවා. තව කට්ටියක් රනිල් මහත්තයා ළ`ග ඉන්නවා. එහෙම වුණාම එක්සත් ජාතික පාක්‍ෂිකයා කලකිරිලා පක්‍ෂය හැරදාලා යන එකයි වෙන්නේ. මේ අර්බුදය දැන්ම විසඳාගත යුතුයි. එහෙම නැතිවුණොත් විරුද්ධ පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයාට තමයි වාසිය එන්නේ.’

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements