Featured News

Video Gossip

Advertisement

කොළඹ මහ නගර සභාව කසළ බැහැර කිරීම සඳහා පමණක් 2007 වසරේ සිට 2016 වසර දක්වා කාලයේදී රුපියල් මිලියන 1292ක් වියදම් කර ඇතැයි එම නගර සභාවේ ගණකාධිකාරී දෙපාර්තමේන්තුව සඳහන් කරන බව සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක පවසයි. 

මෙම මුදලට සේවක පඩිනඩි ආදිය අයත් නොවන බවද කියයි. බ්ලුමැන්ඩල් කසළ අංගණයට සහ මීතොටමුල්ලට කසළ බැහැර කිරීම සඳහා නගර සභාව මෙම වියදම දරා ඇත.

මේ අනුව 2007 වසරේදී රුපියල් මිලියන 257 ක්ද, 2008 වසරේදී රුපියල් මිලියන 211 ක්ද, 2009 වසරේදී රුපියල් මිලියන 73 ක්ද, 2010 වසරේදී රුපියල් මිලියන 82 ක්ද, 2011 වසරේදී රුපියල් මිලියන 36 ක්ද, 2012 වසරේදී රුපියල් මිලියන 49 ක්ද, 2013 වසරේදී රුපියල් මිලියන 57 ක්ද, 2014 වසරේදී රුපියල් මිලියන 101 ක්ද ,2015 වසරේදී රුපියල් මිලියන 211 ක්ද, 2016 වසරේදී රුපියල් මිලියන 215 ක්ද වශයෙන් වියදම් දරා ඇත.

සනීපාරක්ෂක අයුරින් කසළ බැහැර කිරීමේ නෛතික බලය ඇත්තේ කොළඹ මහ නගර සභාවට බවත්, අරුවක්කාලු විද්‍යාත්මක කසළ අංගණයට කසළ බැහැර කිරීම මගින් භූගත ජල දූෂණයක් සිදු නොවන බවත් අරුවක්කාලු කසළ අංගණයට අවුරුදු 80ක කාලයක් යනතුරු කසළ බැහැර කිරීමේ හැකියාව පවතින බවත් නිමල් ප්‍රේමතිලක කියයි.

සාලිය කුමාර ගුණසේකර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements